මර්වින් ගස් බැන්ද සමෘද්ධි නිලධාරියාට සාධාරණය ලැබෙන්නේ කවදාද?

 

mervin

 

ඩෙංගු මර්දන වැඩසටහනකට සහභාගි නොවූයේ යැයි කියමින් මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් කැලණිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී ගස් බැඳ දඬුවමකට ලක්කරනු ලැබූ සමෘද්ධි නිලධාරි මොහොමඩ් ඉර්ෂාද්ට යහ පාලනය හෝ සාධාරණය ලැබෙන දිනය පේන තෙක් මානයක නැත.

 

මර්වින් සිල්වා සුදු රෙදි ඇඳගෙන අල්ලස් කොමිසම  ඉදිරියට ගොස්  රාජපක්ෂවරුන්ට එරෙහිව දන්නා නොදන්නා සියළු දේ වමාරන හෙයින් සිරිසේන ජනාධිපතිතුමන්ට ඒ ගැන සෙවීමට වුවමනාවක් නොමැති වන්නට පුළුවන.

අනෙක් අතට ජීවිතයේ නේක විධ  පීඩාවන්ට මුහුණ දුන් මොහොමඩ් ඉර්ෂාද්ට තමන්ගේම පැමිණිල්ලක් පෙරට ගෙන යෑමේ හැකියාවක් නැත.

 

සියල්ල පිටු පෑ විට අනුවේදනීය කථාවක් ඇති කෙනෙකුට එක් තැනක් ඉතිරිවෙයි ඒ මාධ්‍යයයි.

මොහොමඩ්  සිලොන් ටුඩේ පුවත්පතට හෙළිදරව්වක් කළේය.

තමන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කැඳවීමක් ඇති බවට සමෘද්ධි කලමනාකරු විසින් දැනුම්දීමෙන් පසු 2010.08.03වැනි දින එහි ගිය මොහොමඩ් ඉර්ෂාද්ට අත්වූ ඉරණම

ගැනඅප බොහෝ දෙනා දනිමු.කොන්ද පන ඇති එක කාන්තාවක් හරනට අන් සිඋඅලු දෙනාටම මෙය හාස්‍ය ජනක සිදුවීමක් වුව විය හැකිය. දැන් යහ පාලනය ගැන කතාකරන රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් මෙන්මපොලිස් නිලධාරින්ද අහක බල ගත්හ.

. මෙම සිදුවීමෙන් සමෘද්ධි නිලධාරිවරයෙකු ලෙස වසර 15ක් කළ සේවයද දරු දෙදෙනෙකුගේ පියෙකු වශයෙන් තිබූ ගරුත්වයද විනාශ වී ගිය බව ඔහු කියයි. දරුවන් අසනීපව සිටි නිසා නිවසේ සිටීමට සිදුවීමෙන් අදාල වැඩසටහනට පැමිණීමට නොහැකි වූ බවත් තමාට දඬුවම් නොකරන ලෙසත් අමාත්‍යවරයාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටි බව ඔහු මතකයට නගයි. ඔහු ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළ බව කියා සිටින ඉර්ෂාද් තමා වෙනුවෙන් කතා කළ එක් කාන්තාවක් හැරෙන්නට කිසිවෙක් උදව්වට නොපැමිණි බව ඔහු කියා සිටී.

 

DVLADV_news_1323191634015

 

 

මර්වින් ඔහුව යළිත් අසරණ  කළේ නිවසට ගෙන්වා ගනිමිනි.

ඇඳිරි වැටෙන තුරු පාරේ ඇවිදිමින් සිට නිවසට යද්දී රූපවාහිනියෙන් සිදුවීම දැක තිබූ බිරිඳ හා දරුවන් මහත් කම්පාවට පත්ව තිබූ බව ඔහු කියයි. ඔහු නිවසට යාමට පෙරම ඔහුගේ බිරිඳට දුරකථන ඇමතුමක් ලබා තිබුණේ කැලණිය ප්‍රාදේශීය සභාවට පැමිණෙන ලෙසටය. ” මම ප්‍රදේශීය සභාවට ගියා. සභාපතිවරයා තව කෙනෙක් එක්ක මාව මර්වින් ඇමතිවරයාගේ උද්‍යාන මාවතේ නිවසට යැව්වා. එයා මාව උඩ තට්ටුවට එක්කගෙන ගියා. සිද්ධිය අමතක කරනවානම් මුදල් දෙන්න පොරොන්දු වුණා. ලිපියකට අත්සන් කරන්න කිවුවා. මම ප්‍රතික්ෂේප කළා.  ජයතිලක කියලා කෙනෙක් මටත් මගේ පවුලටත් වෙන්න පුළුවන් විනාශය පෙන්වලා දුන්නා. මට වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ. මම ලිපියට අත්සන් කළා.” ඔහු කියාසිටී.

අපහාසය මෙතැනින් නතර නොවීය.

ලක්ෂ 05ක් හා නිවසක් ලබාගත් බවට නිලධාරීන් හා මිතුරන් අතර අපහාස විඳීමට සිදුවූ බව කියන ඉර්ෂාද් සියල්ල ඇමතිවරයාට අවශ්‍ය පරිදි සිදුවූ බව කියයි. නැවතත් 2010 අගෝස්තු 05වැනිදා ඇමතිවරයාගේ නිවසට ගොස් කැමරා ඉදිරියේ ඔහුට අවශ්‍ය පරිදි ප්‍රකාශයක් කිරීමට සිදු වූ බව කියන හිටපු සමෘද්ධි නිලධාරියා සියලු දෙනාගේ අපහාසවලට ලක්වීමේ සිත්වේදනාවෙන් මිදීම සඳහා රැකියාවට සමු දී සෞදි අරාබිය බලා ගියේය.

“මම මේ ඇත්ත කතාව කලින් කිවුවානම් මාලක සිල්වාගෙන් ගුටිකාපු හමුදා නිලධාරියා තමන්ම තමන්ට ගහගත්තා කියලා පිළිනොගන්න ඉඩතිබුණා. ඒත් මගේ ජීවිතේ ඉවර වෙන්න ඉඩතිබුණා.” ඔහු වැඩිදුරටත් කියයි.

මෙවැනි නින්දනීය අතීතයක් පිරිසිදු කරගන්නේ නැතිව යහ පාලනය හෝ මානව ගරුත්වය ප්‍රතිෂ්ටාපනය කල නොහැකි බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මතක තබා ගත යුතුය.

 

[vsw id=”/2niJZ4defow” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.