මර්වින් වෙනුවට නිශාන්ත මුතුහෙට්ටිගම

muth cartoon

මර්වින් සිල්වා ඇමතිතුමන් මේ දිනවල  තරමක්  නිහඬය.මේ අතරවාරේ ඒ හිස්තැන පිරවීමට නියෝජ්‍ය ඇමතිවරයා උත්සාහ දරන අකාරයක් පෙනේ.ඒ මතුපිටින් පෙනන

හැඩරුවයි.

වඳුරඹ විපක්ෂයේ වේදිකාවට පහර දුන් බවට සැක පිට අත් අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා බද්දේගම මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිය දී   නිශාන්ත මුතුහෙට්ටිගමඔවුන් පැහැර ගෙනගිය බව වාර්තාවේ.නිශාන්ත මුතුහෙට්ටිගම ට අනුව තමන්ගේ ආණ්ඩුවක් තිබුනත් තමන්ගේ පාක්ෂිකයින් නිදහස් කර ගැනීමේ හැකියාවක් ඔහුට නැත.එය මදි පුංචි කමකි.එහෙයින් ඔහු පොලීසියට අභියෝග කිරීමට පසුබට වන්නේ නැත.ඊළඟ දවසේ අවශ්‍ය වෙතොත් කොම්පියුටර් ජිල්මාල් දමා ජනාධිපතිවරයා දකුණෙන් ජයග්‍රහණයකරවීම සුළු පටු කරුණක්  බව කියා මැතිවරණ ක්‍රියා දාමයට අභියෝග කිරීමට පසුබට නොවෙයි.

දැනට පවතින අනෙකුත් කරුණු කරනා වලට සාපේක්ෂව මේ හැසීරීම් සුළුපටු කාරනා සේ සලකා බැහැර  කල හැකි වුවත් ඊට යටින් දිවෙන මුලය සොයා ගිය විට තත්වය බියකරුය.

ආක්‍රමණශීලී හැසීරීම් පෙන්වා තමන් නීතියටත් අන් සියළු දෙනාටත් වඩා ඉහළින් සිටින බව පෙන්වා තමන්ගේ බල වපසරිය වර්ධනය කරගැනීම මේ ක්‍රීඩාවේ  අරමුනයි.

‘මම  මැද මුලනෙන්ය කියලා අමතක කරන්න එපා ‘යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන්නෙත් මේ ටිකමය. වෙනත් බසකින් ඔහු කියන්නේ තමන්ට ඉහලින් යා හැකි ජගතෙක් නැති බවයි.

 

 

මර්වින් සිල්වා ගේ ගස් බැඳීම
මර්වින් සිල්වා ගේ ගස් බැඳීම

 

 දේශපාලන මැරකම්

දේශපාලන මැරකම් යනු අලුත් දෙයක් නොවේ.පළමු පර්ලිමෙන්තුවේ පටන් ආක්‍රමණශීලී හැසීරීම් තම  වාසියට හරවා ගත් මන්ත්‍රීවරුන්  සිටියහ.

ඇත්ත වශයෙන්ම තම නියෝජිතයින් සිල්ගත් උපාසකයින් සේ හැසිරෙතැයි ජනතාව බලාපොරොත්තු වන්නේ නැත.විශේෂයෙන්ම අසාධරණකම් සිදු වෙන විට ඔවුන් නැගී සිටිනු ඇතැයි  ජනතාව බලාපොරොත්තු වෙති.

එහෙත් ඒ නැගී සිටීම සහ තමන්ගේ පෞද්ගලික බල පුළුවන්කාරකම ස්ථාපිත කරගැනීමේ උපායික ක්‍රියාමාර්ගයක් ලෙස හයිය පෙන්වීම අතර වෙනසක් ඇත.නමුත් මේ වෙනස සියුම්ය.සැහෙන කාලයක් යන තෙක් අවස්ථාවාදීබව  ජනතාවදී බවේ කඩතුරාවෙන් වසාගත හැකිය.

පෞද්ගලික බල පුළුවන්කාරකම ස්ථාපිත වූ තැනෙන්නේ මර උගුලකි.මතු පිටින් එය රස මුසුය,හාස්‍ය දනවයි,ජනතා හිතවාදී  බව පෙන්වයි.

මර්වින් සිල්වා ඇමතිතුමන් හෝ නිශාන්ත මුත්හෙට්ට්ටිගම නියෝජ්‍ය ඇමතිතුමන් ඇසුරු කළ බොහෝ මාධ්‍යයවේදීන් ගෙන් ඇසුවහොත් මේ මිනිසුන් දෙදෙනාම මිත්‍රශීලී පුද්ගලයින් සේ හදුන්වා  දෙනු ඇත.

එහෙත් ගැටලුව වන්නේ තමන්ට එහා යමක් නැතැයි සිතන  බලවන්තයා  මිත්‍රශීලී වන්නේ කාටද කවර අවස්ථාවේදීද යන්න තීරණය කරන්නේ තමන්ට රිසි පරිදිය.

මෙය මර්වින් සිල්වා ඇමතිතුමන් සහ නිශාන්ත මුත්හෙට්ට්ටිගම නියෝජ්‍ය ඇමතිතුමන්ට මෙන්ම ජනාධිපති  රාජපක්ෂ සහ  ආර් .ප්‍රේමදාස ජනාධිපතිවරයාටත්  අදාලය.

watersedge-චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ට උසාවි යාමට සිදුවූ ගනුදෙනුව
watersedge-චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ට උසාවි යාමට සිදුවූ ගනුදෙනුව

ජන මුල නායකයින්

 

කවර දුර්වලතා තිබුනත් විධායක  ජනාධිපතිකම් දැරූ  ජේ ආර් ජයවර්ධන . සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක වැරදි කළේ ක්‍රමය තුළ ඉදිමින්ය.ඔව්හූ තමන්ට ඉහළින් ක්‍රමයක් ඇති බව පිළිගත්හ ඒ තුල හැසිර්මින්  ඇතැමෙ විටක වැඩ වරද්ද ගත්හ.ජේ ආර් ජයවර්ධන නඩු කාරයින්ට ගල්ගැස්සවූ එය සාධාරණීයකරණය කිරීමට උත්සාහ ගත්තේය.රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් අම්ත්වරුන්ට ක්‍රියාත්මක වීට ඉඩ දුන්නේය.චන්ද්‍රිකා බණ්ඩාරනායක උසාවියෙන් මිලියන තුනක දඩ කෑ පසුව ඒ  ගැන තාමත් කට හොල්ලන්නේ නැත.මේ දෙපොළ තුලම වගවීම ගැන අවම අදහසක් හෝ විය.

සුප්‍රකට නළු  ජැක්සන් ඇන්තනි ගේ විග්‍රහවේදය.අනුව ඔව්හූ ජන මුල නායකයින් නොවුහ ඒ වෙනුවට ඔවුන් ක්‍රම මුල නායකයින් වුහ.

ජන මුල නායකයාට තෙපරබබා බලා  ඉන්නට දෙයක් නැත.ඕනෑම දෙයක් ඔට්ටුය.එකම  දේ කරන දේ ජනයා ගේ හිත සුව පිණිස කෙරෙන්නක් බව හඟවා ඊට සුජාත බව ලබා දිය යුතුය.

මර්වින් සිල්වා  සහ නිශාන්ත මුත්හෙට්ට්ටිගම ගේ  හැසීරීම් හුදු මතුපිටට පෙනෙන සංකේතාත්මක හැසීරීම් පමණි.එහි මුලය  ඊට වඩා ගැඹුරුය. එය පිළිකාවක් සේ ශ්‍රී ලංකික සමාජ දේහය පුරා  පැතිර ගොසිනි.ඒ පිළිකාව නීතියක් රීතියක් නැති රස්තියාදු කමයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.