මරුවා සමග වාසයට යන මර්වින් ගොඨා මිනීමැරු බව කියයි.

 

 

 

images (61)

 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහත්වරුන්ට විරුධව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද එහි ගියේය. පසුගිය රජය සමයේ සිදුවුයේ යැයි කියන අපරාධ ගැන තොරතුරු එහිදී ඔහු බාරදීමට නියමිතය.

තමන් නරියෙක් නොව සිංහයෙක් ලෙස මිය යැමට සුදානම්  බව  මර්වින් සිල්වා  කියා සිටී.

මිනීමැරුම් ගනනාවකට ගෝඨාබය රාජපක්ෂ වගකිව යුතු බවයි ඔහු කියා සිටින්නේ.මේ සියල්ල  පිළිබඳව හිටපු  ජනාධිපතිතම දැන සිටි බවත් මර්වින් සිල්වා පැවසීය.

බැසිල් රාජපක්ෂ දිවි නැගුමෙන් කෝටි 600ක්  දිවි නැගුමෙන් අයථා ලෙස පරිහරණය කලා බවයි මර්වින් සිල්වා කියන්නේ.

තමන්ගේ පුතාට ඔඩෙල් ආයතනය ඉදිරිපිටදී පහර දුන්නේ යෝෂිත රාජපක්ෂ බවත් මාලක සිල්වා දිගින් දිගට රිමාන්ඩ් කරවීම් සඳහා ගෝඨාබය රාජපක්ෂ කෙළින්ම මැදිහත් වූ බව

මර්වින් සිල්වා කියා සිටී.

“මට පහුගිය කාලයේ ගෞරවනීය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂත් කෙනිත්තුවා“ යැයි  මර්වින් සිල්වා පැවසීය.
ඕන චෝදනාවක් දාන්න

තමාට වැඩකරන්න හරියට අමාත්‍යංශයක් දුන්නේ නැති බවත්, ඇත්ත ප්‍රකාශ කරලා ජීවිතය නැති වුණත් ප්‍රශ්නයක් නැති බවත්, තමාට ඕන චෝදනාවක් දාන්න යැයිද හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය.

යුද්ධය නිමකළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා යහපාලනය හරියට කළා නම් මෛත්‍රිපාල සිරිසේන පක්ෂයෙන් නොයන බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ සියල්ල තමන් අපරාධ පරීක්ෂණ දෙපතමෙන්ත්වට දැනුම් දෙන්නේ නිසි සාක්ෂි සහිත  බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.මේ පිළිබඳව ඔහු චෝදනා කරන් කිසිටු අයෙක් තවමත් ප්‍රතිචාර දක්වා නැත.එවැන්නක් ලද විගස එය පlළ කිරීමට සුදානමින් සිටිමු.

තමන්ගේ දේශපාලන අනාගතය මරුවා සමග  වාසේ බව කියන මර්වින් සිල්වා ගේ තවත් හෙළිදරව් රැසක් පහතින් 

 

 

 

[vsw id=”/w69xvPF0jBU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.