මල්වතු මහනාහිමි ගෙන් අළුත් ජනපතිට උපදෙසක්-දුප්පතුන්ට උණ්ඩ එපා

a7430c1f550a09f9f05b288bce7df1e1_L
මල්වතු පාර්ශවයේ මහනායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි හිතට එකඟව කථාකරන යුක්තිය වෙනුවෙන් පෙනී සිටින යතිත්වරයාණන් කෙනෙකි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , නව අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පිරිස මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදී මල්වතු මහනායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි කියා සිටියේ ජීවිතයේ බර දරාගත නොහැකි තැන පාරට බසින දුප්පතුන්ට රබර් උණ්ඩ හෝ ජල ප්‍රහාර එල්ලවෙන බවයි.
එවැන්නකට ඉඩ නොතබා කටයුතු කරන්නැයි පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ අනුශාසනා කළහ.

එසේම නව සන්ධානයේ සමගිය පලුදු කිරීම සඳහා උපක්‍රමශීලී ලෙස කුමන්ත්‍රණ දියත් විය හැකි හෙයින් ප්‍රවේසම වන්නැයි උන්වහන්සේ පැවසුහ.
අළුත් ජනාධිපතිතුමාට ධාර්මික පාලකයෙක් වන්න ඒ කෙටි අනුශාසනාව හොඳටම ප්‍රමාණවත්ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.