මව් කුසේ වසර 46 ක් තිබූ දරු ගැබක්

46-yearsමොරොක්කෝවේ ජිවත් වන අවුරුදු 75 ක් වයසැති කාන්තාවකගේ උදරයේ කළ සැත්කමකින් ගල්වී තිබූ මල දරු ගැබක් ඉවත් කර තිබෙනවා. වසර 46 කට පෙර එම කාන්තාව ගැබ් ගැනීමට ලක්ව ඇතිවි ඇති බව පරික්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා. පසුව කරන ලද පරික්ෂණය මගින් හෙලවි ඇත්තේ සැත්කමින් පිටතට ගෙන ඇත්තේ එම කාන්තවගේම දරුවා බවය.

වසර 46 කට පෙර එම කාන්තාව ගැබ් ගැනීමට ලක්ව ඇති අතර මාස කිහිපයක් පසු උදරයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගතවී ඇති අතර එහිදී දරුවා සැත්කමකින් ඉවත් කළ බව වෛද්‍යවරුන් පවසා ඇත. වයස අවුරුදු 75 ක් වූ පසුව නැවත එම කාන්තාවට දරුණු උදරයේ ආබාධයක් ඇතිවී ඇති අතර ඒ අනුව ඇයව නැවත රෝහල් ගත කර ඇත. පසුව වෛද්‍යවරුන් මෙම සැත්කම සිදුකර තිබේ. එම සැත්කමේදි කාන්තාවගේ උදරයේ ගල්වී තිබූ බිලිඳු මළසිරුර පිටතට ගැණුනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.