මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පරීක්ෂණ ආයතනය බංගලා දේශයට ?

mahailuppallamaමහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පරීක්ෂණ ආයතනය බංගලාදේශයේ පෞද්ගලික සමාගමකට විකුණා දැමීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මෙම විකුණා දැමීම වසන් කිරිම සඳහා ආණ්ඩුව විවිද බොරු ප්‍රචාර දැයත් කරමින් සිටින බවද වාර්තාවේ. මේ වනවිට එම ආයතනය විකුණා දැමීමට අදාළ ගිවිසුම් සකස් කර ඇති බවත් වාර්තා වේ.නමුත් බලධාරීන් පවසන්නේ මෙය හුදු සහයෝගිතා වැඩසටහනක් බවයි

මෙය අවරුදු 150කට බදු දීමක් ලෙසින් සිදු කිරීමට සැලසුම් කර ඇත. මෙම බදු ගැනීම සිදු කරනු ලබන්නේ බංගලාදේශ පෞද්ගලික සමාගමක් වන “ලාල්ටීය සීඩ්” නම් සමාගමක් බවද වාර්තා වේ.

බීජ ආනයනය කිරීමට අවසර

මෙම සමාගමබීජ ආනයනය කිරීමටට බීජ නිපදවීමට අමතරව මෙරටට බීජ ආනයනය කිරීමටද ගිවිසුම මගින් අවසර ලබා දීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත් වාර්තා වේ. එය මෙරට ගොවි ජනතාව කෙරෙහි ඉතාමත් දරුණ ලෙස බලපානු ඇති බවත් විවිද දීලීර වර්ග මෙරට බෝගවලට බෝවීමේ අනතුරක් මේ හරහා නිර්මානය වී ඇති බවත් ගොවි නායකයෝ පවසති. විශේෂයෙන් මේ වනවිටත් දෙමුහුන් බීජ නිසා මෙරට කෘෂිකර්මාන්තයට සැලකිය යුතු අනතුරු ගණනාවකට මුහුණ දෙමින් සිටින බවත් ඔවූහු සඳහන් කරති.

ශ්‍රි ලංකාවේ ආයෝජකයින්ට අවශ්‍ය ආයෝජන ශක්තිය නැති අවස්ථා වලදී විදේශ ආයෝජන කෙරේ බලාපොරොත්තු ත්බීමට සිදුවෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මීට පෙර කියා සිටියේය. දැනට මහ ඉළුප්පල්ලම ගොවිපල දැඩි පාඩුවක් සහිතව පවත්වා ගෙන යන ආයතනයකි,.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.