මහජන සභාව – අළුත් දේශපාලන රිමෝට් කන්ට්‍රෝල් එකක්

peopleමහජන සභාව නමින් නව සිවිල් සංවිධානයක්මහජන සභාව නමින් නව සිවිල් සංවිධානයක් පිහිටුවා තිබේ. කොළඹ නාරාහේන්පිට ධර්මායතන විහාරස්ථානයේදී ඉකුත් ජුනි මස 01 වැනි දින එම සංවිධානය ස්ථාපිත කර තිබේ. සභාපතිවරයා ලෙස උලපනේ සුමංගල හිමියෝ ද ලේකම්වරයා ලෙස ජනිත් විපුලගුණ නව සංවිධානයට පත්ව සිටිති. නව සංවිධානයේ ක‍්‍රියාකාරීන් සඳහන් කරනුයේ කරුණු ගණනාවක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මහජන සභාව ස්ථාපිත කළ බවය.

මේ වන විට රට පුරා නව ආරක සිවිල්ස සංවිධාන බිහිබෙමින් තිබෙන අතර මීළඟ මැතිවරණ වලදී මෙම සංවිධාන ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කරනු ඇත. සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය එන්න එන්නම දුර්වල වෙනවා. ඒ නිසා රටට නව සංවිධානයක් අවශ්‍යයි. තමන් දේශපාලනයෙන් තොරව ආණ්ඩුවලට බලපෑම් කරනවා යැයි ද ඔවුහු කියති.

‘‘ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවන්ගෙන් බැහැර වූ විනය ගරුක පාලනයක්, මතින් තොර සාමකාමී සමාජයක්, මාදුළුවාවේ සෝභිත හිමියන් පැතු මාවත ඉදිරියට ගෙන යාම, වර්ගවාදී භාවිතයන් පිටුදැකීම පාරිසරික සංරක්‍ෂණය, දුෂණයෙන් වංචාවෙන් තොර හා විනිවිද භාවයෙන් යුතු පාලනයක් වෙනුවෙන් හඬ නැගීම නව ව්‍යාපාරයේ අරමුණ බවද සංවිධාකයෝ පවසති’’ පොරොන්දු කඩකරන පාලකයන් නිවැරැදි කරවා ගැනීම පාලකයන්ට නව යෝජනා ඉදිරිපත් කිරීම සමාජ සංවර්ධනයට ඍජුව හෝ වක‍්‍රව දායකවීම නව සංවිධානයේ තවත් අපේක්‍ෂා බවද ඔවුහු කියති.

නව සංවිධානය මේ වනවිට උතුරු නැගෙනහිර ඇතුළු සියලූ දිස්ත‍්‍රික්කවලම කමිටු පිහිටුවා තිබේ. මහාචාර්ය ජිනසේන කටුපොත, ලැසිල් ද සිල්වා, සුනන්ද දේශප‍්‍රිය, ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු පිරිසක් නව සංවිධානයේ කටයුතු කරති.

රිමෝට් කන්ට්‍රෝල් සංවිධාන

වික්ටර් අයිවන් ගේ නායකත්වයෙන් දියත් කර ඇති පුනරුදය ද මේ වන විට ප්‍රදේශ ගණනාවක රැස්වීම් පවත්වා ඇත. මහින්ද රාජපක්ෂ ගේ පිළ වෙනුවෙන් පෙනී සිටින වියතුන් ගේ හඬ තවත් එක් සංවිධානයකි.

මේ සංවිධාන තුලින් කෙළින්ම රාජ්‍ය පාලනය නොකරන නමුත් වක්‍රව රට පාලනය කරන දේශපාලන පංතියක් බිහිවෙන බව පරීටෝ නම් දේශපාලන විද්‍යාඥයා පෙන්වා දෙයි. පුරවැසි බලය එවැන්නකි. සරත් විජ්සුරිය, ගාමිණී වියන් ගොඩ,කේ ඩබ්ලිව් ජනරංජන, ජේ. වැලිඅමුණ,නිර්මාල් දේවසිරි ආදීන් අයත් වන්නේ මේ පිරිසටය. ආණ්ඩුවට උපදෙස් දීමට ගොස් ඉඳහිට ඇන්එ ගන්නා නමුත් පොදුවේ බලපෑම් කිරීමට සමත්ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.