මහවැලි ගඟට 98.3% ක්‌ අසූචි මිශ්‍ර වෙනවා – මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලුකා ඒකනායක

mahaweliපුද්ගලයන් ලක්‍ෂ ගණනක්‌ පරිභෝජනය කරන රටේ ප්‍රධානතම ගංගාව වන මහවැලි ගඟට 98.3% ක්‌ පමණ අසූචි මිශ්‍ර වන බව මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය සඳහන් කර ඇත. ඇය මේ බව සඳහන් කලේ ගම්පොල නගර ශාලාවේ පැවැති උත්සවයකදීයි. මෙහිදී තව දුරටත් කරුණු දැක්වූ ආණ්‌ඩුකාරවරිය ” වෙනදාට වඩා පරිසරය ගැන සිතිය යුතු කාලයක්‌ එළැඹ තිබෙනවා. පරිසරය ගැන පිරිසිදුව ගැන නොහිතපු නිසා මේ ඩෙංගු වසංගතය පැමිණිලා විශාල විනාශයක්‌ සිදුවෙනවා. තමන්ගේ ජීවිත බයට දැන් පරිසරය ගැන ටිකක්‌ හිතුවත් ජලය ගැන මිනිස්සු හිතලා නෑ. මේ නිසාම මිනිසුන්ගේ කැසිකිළි වැසිකිළි හරවලා තියෙන්නේ අපේ මේ ප්‍රධාන ගංගාවටයි.ඒක නිසා දැන් මහවැලි ගඟ සම්පූර්ණයෙන්ම අසූචි ගොඩක්‌ බවට පත්වෙලා.” යනුවෙන් පවසා ඇත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.