මහාචාර්ය සේනක බණ්ඩාරනායක නික්ම යයි

 

 

 

කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා අභාවප්‍රාප්ත විය.

කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ආචාර්යවරයකු වූ ඔහු සිංහල හා ඉංග්‍රීසි බසින් පුරාවිද්‍යාත්මක ග්‍රන්ථ රැසක්ද රචනා කළ අයෙකි.

සීගිරිය පිළිබඳ ඔහු විසින් ලියැවුණු පර්යේෂණාත්මක ග්‍රන්ථය දෙස් විදෙස් උගතුන් අතර බෙහෙවින්ම ජනප්‍රිය විය.

සේනක බණ්ඩාරනායක මහතා කලක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළේය.

අභාවප‍්‍රාප්ත මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා සිදු කෙරේ.

මේ වනවිට පෞද්ගලික අවමංගල්‍ය ශාලාවක දේහය දැන්පත් කර ඇත.

 

 

බෞද්ධාලෝක මාවතේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයට දේහය අනිද්දා (4) පෙරවරු 10 ට රැගෙන ඒමට නියමිතය.

ජාවත්ත කතෝලික සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.