මහින්දගෙන් මහනායක හිමිවරුන්ට අනතුරු ඇඟවීමක්

mahinda-rajapaksa-aසියළුම මහනායක හිමිවරුන් වෙත විශේෂ ලිපියක් නිකුත් කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටින්නේ අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය රණවිරු දඩයමේ මූලස්ථානය බවට පත්ව ඇති බවයි. ඔහු කියා සිටින්නේ මෙම කාර්යාලයට ශ්‍රේෂ්ඨාධිකරණයට වත් තොරතුරු හෙළි නොකර සිටීමේ බලයක් ඇති බවයි. සන්නද්ධ හමුදාවට සහ යුද්ධයට නායකත්වය දුන් දේශපාලන බලධාරීන්ට දඩුවම් කිරීමටත් මෙය යොදා ගත හැකි බව ඔහු පෙන්වා දෙනවා.

ඔහු පවසන්නේ මෙම පනත පිළිබඳ විවාදය විනාඩි 40කට පමණක් සීමා වූ බවයි. එහිදී එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සංධානය පාර්ලිමේන්තුවේදී මේ පනත බලහත් කාරයෙන් මෙන් සම්මත කරගත් බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

ඔහු කියා සිටින්නේ මෙය කාර්යාලයක් ලෙස හැඳීන්වුවත් ඊට අසීමිත බලතල ඇති බවයි. මේ කාර්යාලයට සහයෝගය නොදෙන අයට ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කොට දඩුවම් දිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා. හිටපු ජනාධිපතිවරයා කියා සිටිනේනේ මේ කාර්යාලයට දේශීය හෝ විදේශීය මූලාශ‍්‍ර වලින් ආධාර හෝ ප‍්‍රතිපාදන ලබා ගත හැකි බවයි. ඒ අනුව කොටි ඩයස්පෝරා සංවිධාන වලින් වුවද මේ කාර්යාලයට මුදල් ලබාගත හැකි බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

එසේම හමුදා බුද්ධි අංශ ඇතුළු රජයේ සියළුම ආයතන මෙම කාර්යාලයට අවශ්‍ය ලියකියවිලි සැපයීමට බැඳී සිටින බවත් ඔහු කියා සිටියේය. මේ තත්ත්වයන් සලකා බලා යහපාලන ආණ්ඩුවේ මේ නව නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව නීති කෙටුම්පත යටතේ රණවිරු දඩයම සම්බන්ධයෙන් ලංකාවේ නීති යටතේ විදේශීය බලවතුන්ට කේන්ද්‍රීය කාර්යභාරයක් පවරා ඇති මේ ආයතනය පිළිබඳ සොය බැලීම පිළිබඳව අති පූජණීය ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ නිසි අවධානය යොමු වේවා යැයි ජනාධිපතිවරයා ප‍්‍රාර්ථනා කොට සිටී.

 

mahinda-1

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.