මහින්දගෙන් සමාජවාදය ප්‍රර්ථනා කිරීම

ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපාහරින ලද පිරිසක් එක් වී පිහිටුවාගෙන තිබෙන විකල්ප කණ්ඩායම මෙහෙයවන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ වරුන් බව තහවුරුවේ.

පසුගිය 28වනදා කෑගල්ල දැදිගම කොටවෙහෙර රජමහා විහාරයේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පවත්වන ලද ආශිර්වාද පූජාවක් සංවිධානය කර තිබුනේ ජවිපෙන් නෙරපා හරින ලද අනුරුද්ධ පොල්ගම්පළය.. මෙම පූජාවට සහභාගී වූ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට තේපැන් ග්‍රහය පවත්වා ඇත්තේ අනුරුද්ධ පොල්ගම්පලගේ නිවසේදීය.

මොහු පසුගිය ආණ්ඩු සමයේ රාජපක්ෂවරුන්ගේ විවිධ කොන්ත්‍රාත් ව්‍යාපාර පවත්වාගෙන ගිය අයෙක්ය. මොහු ඇතුළු පිරිස තීරණාත්මක අවස්ථා කිහිපයකදී රාජපක්වරු වෙනුවෙන් කටයුතු කරමින් මාධ්‍ය හමු පවත්වා ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය වෙනුවෙන් ක්‍රියා නොකරන බවත් අවලාද නැගීය. මොවුන් ජනතා විමුක්ති පෙරමුණේ විකල්පය ලෙසද හඳුන්වාගනිමින් සිටී.

 මේ අතර දේශයම අඳුරට ඇඳ දමන බලවේගවලට එරෙහිව බලමුළුගැන්වෙන සියලු දෙනා සමග හා වැඩකරන ජනතාව සමග මෙවර මැයි දිනයට තමන් එකවෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හෙට (01දාට) යෙදෙන ලෝක මැයි දිනය වෙනුවෙනු නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් දක්වි සිටියි.

වර්තමානයේ ජනතාව මුහුණදී තිබෙන අර්බුදයෙක් ජනතාව ගලවාගත හැක්කේ එක්සත් ජාතික පක්ෂ විරෝධී ප්‍රගතිශීලී පක්ෂ හා කණ්ඩායම් ද පොදු ජනතාවද ඒකරාශි කොට ශක්තිමත් කිරීමෙන් බවද ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ජාතික හා ජාත්‍යන්තර දූෂිත බලවේග එක්ව පසුගිය ආණ්ඩුව ගොඩනැගූ පොදු ජනතා අභිලාෂයන් පරාජය කර තිබෙන බවත්, තමන් ආරක්ෂා කර රාජ්‍ය ආයතන හා සංවර්ධන ව්‍යාපෘති දහස් ගණනකගේ රැකියා අහිමිකර තිබෙන බවත්, සංවර්ධන ව්‍යාපෘති නතර කර තිබෙන හෙයින් වැඩකරන ජනතාව අපහසුතාවට ගොදුරුව ඇති බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

 

 

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.