මහින්දගේ ආණ්ඩුවක්?

mahinda-rajapaksaඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව තරඟ කිරීමට මහින්ද පාර්ශවය කොදේසි දෙකක් ඉදිරිපත් කර තිබේ.

ඉන් පළමුවැන්න වන්නේ එජාපය සමග ඇති හවුල් ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් එහි අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවත් ය. එසේ නොවන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගතයුතු බවත් ඒ අනුව විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවත් දෙවන කොන්දේසිය ලෙස ඉදිරිපත් කර ඇත.

මෙම කොන්දේසි දෙකට යටත්ව ශ්‍රීලනිපය සමග සාකච්ඡා කිරීම සඳහා පවිත්‍රාදේවී වන්නිආරච්චි, මහින්ද යාපා අබේවර්ධන හා සී.බී රත්නායක යන මන්ත්‍රීවරුන්ගෙන් යුත් කමිටුවක්ද මහින්ද පාර්ශවයෙන් නම් කර තිබේ.

මීට පෙර මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාගේ නායකත්වයෙන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කර තිබිණි.

පවතින දේශපාලන තත්වය තුළ මෙම පාර්ශවයන් දෙකම තම මන්ත්‍රී කණ්ඩායම්වල රැස්වීමක් අද දින කැඳවා ඇති බවද එහිදී වැදිගත් තීන්දු තීරණවලට එළෙඹෙනු ඇති බවද වාර්තා වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.