මහින්දට අනතුරක්?

Mahinda Rajapaksaහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවස අසල සැකකටයුතු අයුරින් රැඳී සිටි පුද්ගලයෙකු පසුගිය 20 වනදා සවස අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසයි.

හිටපු ජනපතිගේ නිල නිවස අසල මෙසේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත පංදිචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුදුවත්ත පොලීසියට බාරදුන් බව වාර්තා වේ.

පොලිස් බුද්ධි අංශය මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කර ඔහු පිළිබඳ වාර්තා කැඳවා ඇති අතර මෙම පුද්ගලයා කිසිදු අපරාධයකට සම්බන්ධ නොමැති බවට එහිදී හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපතිවරයාට ඇති ගෞරවය හා කැමැත්ත නිසා ඔහු දැකගැනීමට පැමිණි බවට එම පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර ඇත.

ඔහු 21 වැනිදා පස්වරුවේදී පොලිස් ඇප මත මුදාහැර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.