“මහින්දට කිසිවක් දෙන්නේ නෑ.”- මෛත්‍රීගේ තීරණය රාජිත හෙළි කරය්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්141121150036_maithripala_sirisena_rajitha_senaratne_512x288_afpෂ මහතාට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දුකර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (18) දහවල් පැවති මාධ්‍ය හමුවකදී ය.

අවස්ථා දෙකකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බවත් එහිදී හිටපු ජනපති පළමු අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය ධුරය ඉල්ලූ බවත් දෙවන අවස්ථාවේ දී ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට ඉල්ලූ බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම් දෙකම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවත් හිටපු ජනාධිපතිවරයාගේ  සිහින සැබෑ නොවන බවත් අමාත්‍යවරයා පැවසී ය.

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.