මහින්දට දඬුවම් දෙන්න ඕනෑ -චම්පික

හිටපු ජනපතිට දඩුවම් දිය යුතුයි - ඇමති පාඨලී

 

ඇතැමුන් පසුගිය පාලන කාලයෙහි සිදුවූ සියලු වැරදි බැසිල් රාජපක්ෂ මහතා පිට පටවා මහින්ද රාජපක්ෂ මහතා අහිංසකයෙකු කිරීමට උත්සහ දරමින් සිටින නමුත් පැවති දූෂිත පාලනයෙහි පළමු වග උත්තරකරු මෙන් ම එකම වග උත්තරකරු මහින්ද රාජපක්ෂ මහතා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

දූෂණ විරෝධී ව්‍යාපාරය සංවිධානය කළ රැස්වීමකදී ඇමතිවරයා මේ බව පැවසීය.

‘රටට කළ හානිය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට අනිවාර්යයෙන් දඬුවම් දිය යුතුයි’ යනුවෙන් අමාත්‍යවරයා පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 58 ක් ලබාගත්තේ සියලු මාධ්‍ය භාවිතා කරමින් රුපියල් බිලියන 250 කට වැඩි මුදලක් වැය කිරීමෙන් බවත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී වියදම් කළ රුපියල් බිලියන 250 කට වැඩි මුදලින් 90% ක් ජනතාවට අයත් පොදු දේපළ බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත. කුඩු, එතනෝල් සහ වෙනත් ජාවාරම්කරුවන් විසින් වියදම් කරනු ලැබූ මුදල්ද ඒ අතර වන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා තිබේ

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.