මහින්දට දුස්රාවක්

mahinda-rajapaksa-21ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද  (2) පැවැත්වෙන සමස්ත ලංකා කාරක සභාවට සහ විධායක සභාවට සහභාගීවීමට හිටපු ජනාධිපතිතුමාට මෙන්ම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් ගෞරවනීය ලෙස ආරාධනා කර ඇති බැවින් ඒවාට සහභාගී වී තිඛෙන ගැටළු සාකච්ඡා කර විසඳාගන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ›ලනිප තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.‍

ශාන්ත බණ්ඩාර  දැඩිව සිරිසේන පිළ නියෝජනය කරයි

ඒ සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ආරාධනා කර නැත්තේ මේ වන විට පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නොවන නිසා බව කී  ශාන්ත බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් වැරදි මත සමාජගත කර පක්ෂයේ ඉදිරිගමන කඩාකප්පල් නොකරන ලෙස ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත්, සඳහන් කළේය. දැනට පවතින තත්වයන් යටතේ මහින්ද ඇතුළු කණ්ඩායම මෙම ආරාධනය නොතකා හැරීමට ඉඩ තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.