මහින්දට නොතීසි

හිටපු ජනාධිපතිවරයා පිළියන්දල පැවති  අවසාන රැස්වීමීමේදී
හිටපු ජනාධිපතිවරයා පිළියන්දල පැවති අවසාන රැස්වීමීමේදී

 

 

පසුගිය ජනාධිපතිවරණයේ දී මැතිවරණ කොමසාරිස්වරයාගේ කිසිදු ඉල්ලීමක් නොමැතිව හිටපු ජනාධිපතිවරයාගේ අණින් හමුදා කැඳවීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන මාර්තු 31 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහ සෙසු වගඋත්තරකරුවනට නොතීසි කළේය.

සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටීමට නියමිත බවත්, පෞද්ගලික හේතුවක් නිසා එදින අධිකරණයේ පෙනී නොසිටින බවත් රජයේ නීතීඥ අවන්ති පෙරේරා මහත්මිය දැන්වූවාය.

 

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා වූ දුමින්ද නාගමුව මහතා ගොනු කළ පෙත්සමේ මෙසේ ද සඳහන් විය.

‘2011 අගෝස්තු මාසයේ දී එවකට පැවැති රජය හදිසි නීති රෙගුලාසි ඉවත් කළා. එහසේ වුවත් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය උපයෝගී කොට ගෙන සමස්ත දිවයිනම ආවරණය වන ලෙස පොලිස් බලතල යුද, නාවික හා ගුවන් හමුදාවන්ට පවරමින් සෑම මාසයකට රෙගුලාසි නිකුත් කිරීම රජය විසින් අඛණ්ඩව සිදු කරන ලදී. ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කරන බව මතුපිටින් පෙන්වූවත් සැබැවින්ම මිලිටරි තර්ජනය සක්‍රීයව පත්වා ගනිමින් පුරවැසියන් පාලනය කිරීම රජය විසින් සිදු කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන වගඋත්තරකරු කොට ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුණේ හමුදාවට පොලිස් බලතල පවරමින් ඔහු විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි මගින් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නකි යන පදනම මතය.

former president mahinda rajapaksha summoned to courts

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.