මහින්දට ශ්‍රීලනිපය තුල ඉඩ තිබේද?

 

 

හිටපු ජනාධිපතිවරයා පිළියන්දල පැවති  අවසාන රැස්වීමීමේදී
හිටපු ජනාධිපතිවරයා පිළියන්දල පැවති අවසාන රැස්වීමීමේදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකඩ කරමින් වෙනත් දේශපාලන පක්ෂ හෝ සන්ධාන ගොඩ නොනගන බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

 කතානායක නිල නිවසට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානින් කිහිප දෙනෙකු අමතා කොතරම් කෙනෙහිලිකම් සිදුවුවත් තමා පක්ෂය සමග සිටිනබව. මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

දේශපාලන පෙරමුණකින් දේශපාලනයට නැවත පිවිසෙන්නැයි  විමල් වීරවංශ ඇතුළු පිරිසක් ඉල්ලා  සිටිතත් දැනට දිගින් දිගට එල්ල වෙන් චෝදනා හමුවේ එසේ කිරීම දුෂ්කර විය හැක බව තැත් පිරිසක් කියා සිටිති.

නාමල් රාජපක්ෂට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීමට ඉඩ දෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතා නව ජනාධිපති වරයා ගෙන් ඉල්ලා සිටි බව වාර්තා විය.

තමා එම මැතිවරණයේදී ශ්‍රීලනිප ජයග්‍රහණය වෙනුවෙන් රට පුරා යාමට සුදානම් බවත්,  තම පුත් නාමල් රාජපක්ෂ මහතා එම මැතිවරණයට ශ්‍රීලනිපයෙන් තරඟ කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා ඇත.කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා නීතිවේදී විභාගය සමත් වූ  ආකාරය පිළබඳව විමර්ශනයක් පවත්වා ඔහු වැරදිකරු වුවහොත් තත්වය වෙනස් විය හැකිය.

 

0339

 මෛත්‍රීපාල සිරිසේන

ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම් තමා මරා දැමීමට පවා ඉඩ තිබුණු බව මෛත්‍රීපාල සිරිසේන ජනපති සිය පළමු පොළොන්නරු සංචාරයේ දී පැවසුවේය.

‘මහින්ද රාජපක්ෂ දිනුවා නම් මගේ දරුවනුත් අත්අඩංගුවට ගන්න හිටියා. මට වද හිංසා කරන්න සියලු පිඹුරුපත් සකසා තිබුණා. ‘යැයි ජනාධිපතිවරයා පැවසූ අතර  යළිත්

මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රීලනිපය තුල ලබන මැතිවරණයේදී ක්‍රියාකාරී වීට ඉඩක් ලැබේද යන්න සැක සහිතය.

මේ අතරවාරේ පක්ෂ නායකත්වය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හිමි වීමේ ඉඩක් ගැනත් කතාබහ ඇතිවී තිබේ.ලබන මැතිවරනයේදී  එක්සත් ජාතික පක්ෂයට

බහුතර බලයක් හිමිවීමට ඉඩ ඇති අතර එහිදී යම් කිසි කේවලකාරී බලයක් පවත්වා ගෙන යෑමට ජනාධිපතිවරයාට  ශ්‍රීලනිපය උපකාරී වනු ඇත.මෙහෙයින් පක්ෂය තම් අත තබා ගැනීමට ජනාධිපතිවරයා උත්සුක වන ඇත.මේ වාතාවරණය තුල මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂය තුල යම් ඉඩක් ලැබුනත් එය ඉතා සීමාසහිත එකක් වනු ඇත. මේ ඉඩ වපසරිය

විශාල වශයෙන් තීරණය වන්නේ දැනට ඉදිරිපත් වෙමින් තිබෙන දුෂණ චෝදනා වලට රාජපක්ෂවරුන් මුහුණ දෙන ආකාරය අනුවයි.මහින්ද රාජපක්ෂ යනු ජනප්‍රිය නායකකෙකි එහෙත් දුෂණයේ කළු දුමාරයෙන් ඔහු වැසී ගියහොත් ඒ ජනප්‍රියත්වයෙන් වැඩක් නැත.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.