මහින්දත් සමග උතුරට යන යාල්දේවි

637754918yal-devi2

උතුරු දුම්රිය මාර්ගයේ යාපනයේ සිට කන්කසන්තුරෙයි දක්වා දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද ආරම්භ කෙරේ.

කිලෝ මීටර් 18 ක් පමණ වන අදාළ මාර්ගය දුම්රිය ගමනාගමනය සඳහා විවෘත කිරීමත් සමග කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා දුම්රිය ධාවනයට එක් කෙරෙනු ඇත.

හෙට සිට දුම්රිය දෙකක් කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වාත් තවත් දුම්රිය දෙකක් කොළඹ සිට චුන්නාකම් දක්වාත් ධාවනයකිරීමට නියමිතයි.

 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන ප්‍රධාන මහජන රැලි තුනක් අද (02) යාපනය, මන්නාරම සහ කන්ත‍ලේ දී පැවැත්වේ.

අද පෙරවරු 10.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යාපනය මිල්කෝ හෝටලයේ දී පැවැත්වෙන ස්ථාවර රටක් සඳහා වෘත්තීයවේදීන්ගේ හමුව සඳහා සහභාගි වේ.

යාපනයේ පැවැත්වෙන ප්‍රධාන මහ රැලිය පෙරවරු 9.00ට ආරම්භ වන අතර මන්නාරමේ පැවැත්වෙන ප්‍රධාන ජන රැලිය පස්වරු 2.00ට ආරම්භ වේ. පස්වරු 3.00ට කන්ත‍ලේ ජන රැලිය ආරම්භ වේ.

ඊට අමතරව පස්වරු 12.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වව්නියාව ජනතාව හමුවීමට ද නියමිතය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.