මහින්දයාපා, සී. බී. ඩිලාන් හා පවිත්‍රා ඇමති පදවි අත් හරිති

 

සිය ඇමැති ධුරවලින් ඊයේ (21 දා) ඉල්ලා අස්‌වූ මහින්දයාපා අබේවර්ධන, සී. බී. රත්නායක, ඩිලාන් පෙරේරා හා පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවට සහභාගි වූහ.
[vsw id=”/NSwuPlrAy1g” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

පාර්ලිමේන්තු කටයුතු ඇමැති මහින්ද යාපා අබේවර්ධන, රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ රාජ්‍ය ඇමැති සී. බී. රත්නායක, නිවාස හා සමෘද්ධි රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා හා පරිසර රාජ්‍ය ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ඊයේ පෙරවරුවේ සිය ඉල්ලා අස්‌වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබේ. යහ පාලනයක්‌ හා අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කිරීමේ පිරිසිදු අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම මත එදා ආණ්‌ඩුවට එක්‌ වුවද, අගමැතිවරයා සිය ආණ්‌ඩුව දැඩි මර්දනකාරී පිළිවෙතකට යොමු කර ඇති නිසා එම දුර්දාන්ත තත්ත්වයට තමන්ට වගකිව නොහැකි බව ඔවුන්ගේ ඉල්ලා අස්‌වීම් ලිපිවල සඳහන් කර ඇත.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අගමැතිවරයා විසින් පැරදවීමට උත්සාහ ගනිත්දී ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් දැඩි කැපවීමකින් ජයග්‍රහණය කරා ගෙන ගිය බවත්, 20 වැනි සංශෝධනය ද සම්මත කිරීමට ජනාධිපතිවරයාට සිය උපරිම සහාය ලබා දෙන බවත්, ජනාධිපති ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගන්නා ඕනෑම තීරණයකදී ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් විසින් සඳහන් කර තිබේ.

pa400 (2)

 

 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහය ලබාදෙන බව පවසා ආණ්ඩුවේ ඇමති ධූර ලබාගෙන අද ඉවත් වූ ඇමතිවරු සිව්දෙනා දැන් සහය ලබාදෙන්නේ වත්මන් ජනපතිටද එසේත් නැතිනම් හිටපු ජනපතිටදැයි තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රශ්න කරයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.