මහින්දානන්ද හා කථා කළ සුනිල් කව්ද?

MAHINDANANDAA

දෙරණ වාද පිටිය වැඩසටහනට දුරකථනයෙන් කතා කර අපහාස කළා යැයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රී වරයා වැඩසටහනෙන් නැගිට ගිය අතර මධ්‍යම රාත්‍රියේදීම මහතා පොලීසියට පැමිණිල්ලක් කොට  තිබේ.

දැන් ප්‍රශ්නය වී ඇත්තේ මාතර සුනිල් යනුවෙන් කතා කළ පුද්ගලයා කව්ද යන්නයි

මේ අන් කවරෙක් වත් නොව .එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බව රජයෙන් චෝදනා කෙරෙනවා කරයි.

මේ පිළිබඳව අද පුවත් පතින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් විමසා සිටි අතර එය නීතිමය ප්‍රශ්නයක් බවත් එහෙයින් තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් පැවැසීය. කෙසේ වෙතත් මාතර සුනිල් වෙනුවෙන් පෙනී සිටින බවත් මන්ත්‍රීවරයා පැවැසීය.
මේ එම සාකච්ඡාවයි.

RANJANR

අදට කථා කළ කල රන්ජන්

Q ඔබට චෝදනාවක් එල්ල වෙනවා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී අපහාස කළ බවට?

අධිකරණයට යන තත්ත්වයක්නෙ දැන් තියෙන්නේ. මං හිතන්නේ දැන් මාතර සුනිල් වගේ ලක්ෂ ගාණක් ලංකාවෙ ඉන්නවා. ඔහු කියලා තියෙන්නේ ජනාධිපතිතුමා ළඟ ෆයිල් තියන් ඉන්නවා, ඒ ෆයිල් තියෙන පුද්ගලයෙක් මෙතනත් ඉන්නව කියලයි.

ඔහු නමක් කියන්නේ නෑනේ. ඒක අහපු ගමන්ම ඇමතිතුමාට කේන්ති යනවානේ. ඒ කේන්ති ගියේ මාතර සුනිල් එක්කද, ෆයිල් තියෙනවා කියන ජනාධිපතිතුමා එක්කද කියලා අපි දන්නේ නෑ. ඔහු නැගිටලා යනවා. එතන හතරදෙනෙක් ඉන්නවා.

එහෙම ඉද්දී මෙතන එක්කෙනක් ඉන්නවා කියලා විතරයි කියන්නේ. ඒ ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා බොහොම පැහැදිලිව කියලා තිබුණා, නම් ගම් එක්ක කඩුවෙල උසාවියේ නඩුවක් තියෙනවා කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට මාතර සුනිල් කියන්නේ කවුද කියලා.

Q එතකොට ඔබතුමා මේකට සම්බන්ධ නැද්ද?

සිම් එකයි ෆෝන් එකයි මගේ කියලා කියනවා. ඒක ඔප්පු කරන්න වෙන්නේ පොලීසිටම තමයි. පරීක්ෂණයකින්ම ඔප්පු වෙයි.

Q ඔබතුමා කතා කළේම නැද්ද?

ඒක කටහඬ පරීක්ෂණයකින්ම ඔප්පු කර ගනියි. මේක උසාවි යන වැඩක්නේ. ඒක දැන්ම කියන්න අමාරුයි. කොහොමහරි මාතර සුනිල් ඇහුවේ ජනතාවගේ ප්‍රශ්නයක්. අපි සියලු දෙනා ඒක වෙනුවෙන් පෙනී සිටිනවා.

Q ඔබතුමා නෙවෙයි කියලද ඔබ කියන්නේ?

ඒක නීතිමය ප්‍රශ්නයක් නිසා දැන්ම කියන්න බෑ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

කෙහෙළිය ගෙන් ප්‍රතිචාරයක්‌

සලසුම් සහගතව නින්දිත ලෙස දේශපාලනය කරන පක්ෂග්‍රාහී නාළිකාවල දේශපාලන වැඩසටහන්වලට තමන් මින්පසු
රජයේ නියෝජිතයන් සහභාගී නොකරන බව වන බවයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලකැබිනට් මාධ්‍ය හමුව අමතමින් කියා සිටියා .

” හොදම දේ තමයි පැටලෙන්නේ නැතුව පැත්තකට වෙන එක,” යැයි ඇමතිවරයා ප්‍රකාශ කළේය.ADA

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.