මහින්දානන්ද අළුත් ජීවිතයකට සුදානම් වෙයි

mahindanandaහිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යළිත් යුග දිවියට පිවිසීම සඳහා තෝරා ගෙන ඇත්තේ හිටපු  අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියයයි. රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ උත්සවය පැවැත්වූ න අතර අනුරාධ ජයරත්න සහ දි.මු.ජයරත්න සාක්ෂි අත්සන් කළහ. මහින්දානන්ද අලුත්ගමගේ අළුත් බිරිඳ වන සේනානි ජයරත්න  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ  හිටපු  බිරිඳයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහිව   අයථා ආකාරයට උපයා ගත් රුපියල් මිලියන ගණනක දේපළ සම්බන්ධයෙන් නඩු පවරා  ඇත. මේ දේපළ සම්බන්ධයෙන් විමර්ශකයින් වෙත තොරතුරු වැඩි වශයෙන් ලබා දුන්නේ ඔහු ගේ හිටපු බිරිඳයි.

රුපියල් 1500 ක වැටුපකට ද ෆිනෑන්ස් සමාගමේ වෙළඳ ප්‍රවර්ධන නිලධාරියෙකු වශයෙන් ජීවිතය ආරම්භ කළ මීතලාවේ මහින්දානන්ද අලුත්ගමගේ senani3ඇමතිවරයෙකු වීමෙන් පසු නීති විරෝධීව උපයා ගත් වත්කම් වලින් හෙලිවූ ප්‍රමාණයක් පහත දැක්වේ. මෙම වටිනාකම් 2012 දී ඔහු විසින් බිරිඳට විරුද්ධව කඩුවෙල උසාවියේ ගොනුකල දික්කසාද නඩුවේදී ගොනුකළ ලිඛිත කරුණු දැක්වීමේදී ඔහු විසින්ම හෙලිකරන ලද වටිනාකම් වේ. බිරිඳගේ නමින් පමණක් මිලදීගත් දේපල වල 2012 දී හෙලිකළ වටිනාකම රුපියල් ලක්ෂ 856.5 ක් හෙවත් කෝටි 8 හමාරක් පමණ වේ.

* මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා මාව‍තේ පිහිටි පර්චස් 12 ක් වූ ඉඩම – වටිනාකම ලක්ෂ 3 යි.

* මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා මාව‍තේ පිහිටි පර්චස් 3.5ක් වූ ඉඩම – වටිනාකම ලක්ෂ 1.5 යි.

* මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා මාව‍තේ පිහිටි පර්චස් 18.3ක් වූ ඉඩම – වටිනාකම ලක්ෂ 10 යි.

* නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ 3 වන පටුමගේ 15/1 දරණ පර්චස් 15.57ක් වූ දේපල  – වටිනාකම ලක්ෂ 100 යි.

* නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ 3 වන පටුමගේ 15/31බී සහ අංක 15/31 දරණ නිවාස දෙක – වටිනාකම ලක්ෂ 87 යි.

* බොරැල්ල කුරුප්පු පාරේ අංක 66 දරණ ස්ථානයේ පර්චස් 20.85 ක ඉඩම – වටිනාකම ලක්ෂ 100 යි.

* කොළඹ 8 ඇල්විටිගල මාවතේ ට්‍රිලියම් රෙසිඩන්සි නිවාස ඒකක අංක 153-9/2 නිවාසය – වටිනාකම ලක්ෂ 285 යි 

* කොළඹ 07 කින්සි පාරේ සහාධිපත්‍ය ඒකක අංක 70-3/1 දරණ දේපල – වටිනාකම ලක්ෂ 270 යි. 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!