මහින්ද අයින් ගහයි

Sri Lankan President Mahinda Rajapaksa listens to a speech during his final rally ahead of presidential election in Piliyandala

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා කළ යුතුයැයි පවසමින් හෙට (18) පැවැත්වීමට නියමිත රැලියට තමන් සහභාගී නොවන බවත් අගමැති අපේක්ෂකයා ලෙස නැවත දේශපාලනයට පැමිණීමට තමගේ කිසිඳු අපේක්ෂාවක් නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා තම සමීපතම දේශපාන හිතවතුන් කිහිපදෙනෙකු සමග මේ බව පවසා තිබෙ.

නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් තමන්ගේ අදහසක් නොමැති බවද සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂගේ ඉදිරි දේශපාලන අනාගතය වෙනුවෙන් කටයුතු කරන බවද ඔහු සිය හිතවතුන් සමග වැඩිදුරටත් පවසා ඇත.

දෙවරක් ජනාධිපති වී තෙවන වර පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා නැවත මහ මැතිවරණයකට පැමිණෙන්නේදැයි ඔහුම තීරණය කළ යුතු බවකරුනක් බව  පක්ෂයේ නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේය.

කරුණාකර නාම යෝජනා ඉල්ලා ප්‍රශ්න ඇති කර ගන්න එපා  යැයි නොකියා කීමක් බව මේ ප්‍රකාශය අරුත් ගැන්විය හැකි බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙති.

ඉදිරි සතිය තුල දුෂණ සෙවීම පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කිරීමට නියමිතය.මෙහිදී හිටපු ජනධිපතිවරයාගේ ක්‍රියාකාරකම් හෙළිදරව්වීම නොවැළැක්විය හැකි අතර එහිදී

ජනතා අනුකම්පාව දින ගැනීම සඳහා තමන්ට දැවැන්ත ජනතා ඉල්ලුමක් තිබියදී පක්ෂයේ යහපත තකා තමන් නැවත දේශපාලනයට නොඑන බව පෙන්නුම් කිරීම රාජපක්ෂ

මහතාගේ ක්‍රමවේදය වී ඇතැයි නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

former presidint mahinda moves away

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.