මහින්ද ආප්ප කමින් අනාවැකි කියයි…………

mahinda2017 වසරේ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටී. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත් වර්තමාන දේශපාලන තත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරිකාලය තුළ වෙනස් විය හැකි බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මාධ්‍යවේදීන් සමඟ ආප්ප කමින්ය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා බවට පත් වුනේ ආප්ප කෑමෙන් අනතුරුවයි.

ගැටුම්

ආණ්ඩුවේ එක්සත් ජාතික පාර්ශවය හා ශ්‍රී ලංකා නිදහස් පාර්ශවය අතර දැන් ගැටුම් ඇතිවෙමින් තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටකට මෙලෙස ඉදිරියට යාමට නොහැකි බව පෙන්වා දුන්නේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ වාර දෙකක් පමණක් බවට සීමාවක් පනවා ඇති නිසා ව්‍යවස්ථා වෙනසකින් තොරව හිටපු ජනාධිපතිවරයකුට රාජ්‍ය නායකයා විය නොහැකි නොවේදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේ යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති බවයි.

දුරස්ථ පාලනය

රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි බව ද රාජපක්ෂ මහතා කීවේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති පදවියට පත් කෙරුනොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩකළ හැකි දැයි යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එම කාර්යය කළ හැකිනම් 1970 ගණන් වල සිට හොඳින් හඳුනන පුද්ගලයෙක් සමග තමන්ට වැඩ කළ හැකි බව සඳහන් කළේය.

එහෙත් එවැනි තත්වයක් උද්ගත වුනොත් සිදු වන්නේ තමන්ට අවශ්‍ය කොන්දේසි අනුව බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.