මහින්ද ආයෙමත් ගේනවා- විමල් වීරවංස

wimalbbb

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගෙදරට වී ඉන්නට ඉඩ නොදෙන බවත් ක්‍රියාකාරී දේශපාලනය තුල තවමත් ඔහු රැදී සිටින බව විමල් වීරවංස කියාසිටී.

 

දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා යන හිටපු ඇමැති වරු ද, පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද සහභාගී වූ මාධ්‍ය හමුවක දී  ඔහු තමන්ගේ ඉදිරි සැලසුම් හෙළි කළේය.

 

‘ජනාධිපතිතුමා වැදගත් විදියට අරලිය ගහ මැදුරෙන් පිටවෙලා ගියා. ඔහු පිටවෙලා යද්දී දිවයිනේ බොහෝ දෙනෙකු හඬා වැටෙන්නට වුණා. මුළු රටම කඳුළු සැලුවා. ඔහු දේශපාලනනේ සමු ගත්තේ නෑ. ඔහුට නිකන් ගෙදරට වෙලා ඉන්න දෙන්නේ නෑ. ‘ යැයි විමල් වීරවංස කියා සිටියදී  හිටපු අැමැති නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ තනට ප්‍රශ්න ඇතත් අළුත් ආණ්ඩුවට සහයෝගය දෙන බවයි.

‘දින සියයත් ඇතුළත කරන දේවල් ගැන ප්‍රතිපත්ති ප්‍රකාශයකින් එළි දැක්වූ දේවල් රටේ වැඩි කොටසක් අනුමත කර තබෙනවා. ඒ පොරොන්දු ඉටු කරන්න ශක්තිය ලැබෙන්න කියා අපි අලුත් ජනපතිට සුභ පතනවා.අලුත් අගමැති දිවුරුම් දුන්නා. ඔහු දිවුරුම් දුන් ආකාරය ගැන යම් යම් ගැටළු තිබුණත් තාක්ෂණික ප්‍රශ්න ගැන අපි මේ වෙලාව අවධානය යොමු කරන්නේ නෑ. දින සියයේ වැඩ සටහන අවහිර කරන්නේ නෑ. එහි හොද දේවල් ක්‍රියාත්මක කරන්න අපේ පූර්ණ සහාය ලබා දෙනවා.” යැයි නිමල් සිරිපාල ද සිල්වා පැවසීය

 

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ නව ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති ව්‍යවස්තානුකුල වෙනස්කම් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළ විට එයට සහය පළ කරන බව කියා සිටියේය.

 

[vsw id=”/MDE8YrL6NxA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”] [vsw id=”” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

නාමල් ගෙන්  ට්වීටර් ස්තුතියක් 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව ඔහුගේ පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්වීටර් ගිනුමට පණිවුඩයක් මුදා හැර ඇත.

එහි මෙසේ සඳහන්ව තිබේ.

‘ගතව ගිය කාලය තුළ අපට ආධාර කළ සියලු දෙනාට ස්තුතියි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතා හඬට අපි ගරු කරන්නෙමු’
(Thank you to everyone who supported us through these years. We respect the voice of the people and Sri Lanka’s great democracy.)

 

.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.