මහින්ද ඉක්මනින් අගමැති කරන්න -ගෝඨාභය

jana555 (1)ජනාධිපති සිරිසේන මහතා දැන් ඉදිරි හය වසර සඳහා  තේරී පත් වී ඇති හෙයින් ඔහු දිගටම එම තනතුරේ සිටින බව තමන්ට පිළිගැනීමට සිදුවෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ The New Indian Express ප්‍රකාශනයේ පී කේ බාලචන්ද්‍රන් හට කියා සිටියේය.

දැන් සිරිසේන මහතා වහාම පාර්ලිමේන්තුව විසුරුවා ඉක්මන් මැතිවරණයක් පවත්වා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කළයුතු බවයි.එසේ කිරීමෙන් රට සංවර්ධනය කල හැකි බවයි ඔහු කියා සිටින්නේ.

‘දැනට පවතින තත්වය යටතේ කව්රු රට පාලනය කරනවාද යයි තමන් දන්නේ නැති බව’ හිටපු ආරක්ෂක ලේකම්වරයා තම කණස්සල්ල පල කොට සිටී. රනිල් අගමැතිවරයා  අතරේ,චන්ද්‍රිකා,චම්පික,සහ රාජිත පැත්තකින් හිඳ  රට පාලනය කරන බව හිටපු ආරක්ෂක ලේකම්වරයා  පෙන්වා දෙයි.

129

 

 

ජනාධිපතිවරනයේදී පනස් අට ලක්ෂයක් ඡන්ද ලැබූ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය තවත් ඉහල ගොස් ඇති බවයි  ගෝඨාභය රාජපක්ෂ  පෙන්වා දෙන්නේ.

ආර්ථිකය කඩා  වැටීමකට ලක්වෙමින් තිබෙන බවත් මේ වන විට ලක්ෂයකට පමන  රැකියා අහිමි  වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය සමයේ විශාලතම මුල්‍ය ප්‍රතිපාදනය හිමිව තිබු ආර්ථික සංවර්ධන අමත්‍යංශය භාරව සිටි බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කියා සිටියේ පසු ගිය නම වසරක කාලය ඇතුලතදී තමන් පස් පවින් වැලකී සිටි බවයි.දැනට ආරම්භ කොට ඇති විමර්ශන වලට තමන්ගේ පුර්ණ සහයෝගය ලබා දෙන බව බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතා ගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය ගේ ගිණුම් පිළිබඳවත් විමර්ශන කටයුතු ආරම්භ වී ඇත.

[vsw id=”/fWBOofOW8PE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

බැසිල් පිළිගැනීමට පැමිණි  නැගෙනහිර හිටපු මහ ඇමති පිල්ලේයාන්

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.