මහින්ද ඔවදනින් සුසන්තිකා කඩේ වහයි

susanthika jayasingheතමන් සිය ඔලිම්පික් පදක්කම විකිණීමට දැරූ උත්සාහය අත්හැර දැමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවවාදයකට අනුව බව සුසන්තිකා ජයසිංහ පවසයි.

කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් තමාට ලැබෙන සුළු දෙයකින් හෝ උපරිම සේවයක් කරන ලෙසත් හිටපු ජනාධිපතිවරයා කළ ඔවදන මත මෙම තීරණය ගෙන ඇති බවයි ඇය පවසන්නේ.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම්වරයා තමා අමතා මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්චා කළ බවද ඇය සඳහන් කොට ඇත.

ක්‍රීඩා මාධ්‍යවෙදියක් පැවසුවේ මේ ආකාරයට ගිය හොත් හෙට ඇය තම යට ඇඳුම විකුණන තත්වයට පත් විය හැකි බවයි.

සුසන්තිකා කප්පම් ගැනීමට සැරසෙන බව ක්‍රීඩා ඇමති දයාසේකර ජයසේකර පවසයි.

මීට අමතරව වත්මන් රජයේ කිසිවෙක් මේ පිලිබඳ තමාගෙන් කිසිදු විමසුමක් නොකළ බවටද ඇය චෝදනා කරයි.

ඇයට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබාදුන් උපදේශිකා තනතුරකට අදාළ රුපියල් හැට දහසක මුදල ලබා නොදීම සම්බන්දයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ ඇතිවූ මත ගැටුමකින් පසුව සුසන්තිකා ජයසිංහ තම ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කරනබව කියා තිබුනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.