මහින්ද කුරුනෑගලින්

mahinda_rajapaksa

අගෝස්තු 17 වැනි දින පැවැත්වෙන මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුරුනෑගලින් නාම යෝජනා භාරදී ඇත.

 

සිය නාම යෝජනාව භාරදීම පිණිස හිටපු ජනපතිවරයා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ සිටියේ නැත.

 

ද රාජපක්ෂ ඇතුළු සිය පක්ෂවල අපේක්ෂකයෙන්ගේ නාම යෝජනා භාර දුන් නමුත්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික එස්බී නාවින්න අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා භාර දුන්නේය.

අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයට පක්ෂ 21 ක් හා ස්වාධීන කණ්ඩායම් 15ක් තරග බිමට පිවිස සිටී.

‘ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු‘ පක්ෂයේද ස්වාධීන කණ්ඩායමකද නාම යෝජනා ප්‍රතික්ෂේප විය.

අපේක්ෂකයෝ 777 දෙනෙක් පාර්ලිමේන්තුවේ ආසන 225 වෙනුවෙන් දිස්ත්‍රික්ක 22කින් තරග කරති.

ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති

මහා මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති එස්.සී.මායාදුන්නේ මහතා ප්‍රධාන උගත් විද්වතුන් , නීතිවේදීන් , පරිසරවේදීන්,ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් ගෙන් සමන්විත පුද්ගලයන් 29 දෙ‍නෙකු නම් කරනු ලැබ ඇත.

එම පක්ෂය විසින් සිය ජාතික ලැයිස්තුවට නම් කළ සෙසු පුද්ගලයින් වනුයේ නීතිවේදීන් වන ක්‍රිෂ්මාල් වර්ණසූරිය , උපුල් කුමරප්පෙරුම, මහාචාර්යවරුන් වන ඒ.ජේ.රුහුණු හේවගේ, මහාචාර්ය සුසිරිපාල මානවඩු,මහාචාර්ය කපිල පෙරේරා,ආචාර්ය කේ.එස්.චනද්‍රබෝස්, පරිසරවේදී සජීව චාමිකර , මාධ්‍යවේදී විනී හෙට්ටිගොඩ, කලාකරුවන් වන සරණපාල ජයසූරිය , අනුරුද්ධ ජයසිංහ,අනුර ශ්‍රීනාත් ඇතුළු පිරිසක්ද වෙති.

 

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.