මහින්ද ගාමිණි අතුකෝරළ රහස් දැන සිටියා – තලතා

thalathaමහින්ද රාජපක්ෂ මහතා හා ගාමිණි අතුකෝරළ අතර තිබු රහස් සම්බන්ධතා ගාමිණී අතුකෝරාළ මහතාගේ සොයුරිය වශයෙන් තමන් දැනසිටි බවත්, ගාමිණි අතුකෝරළගේ මරණය සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අමාත්‍යවරිය මහනුවරදී රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

හිටපු ජනාධිපතිවරයා ඔබට අධිකරණ ඇමතිධූරය ලැබීමත් සමගම සදහන් කළා අධිකරණ අමාත්‍යවරිය වශයෙන් ඔබගේ සහෝදරයාගේ මරණය පිළිබඳව පළමුවෙන්ම සොයාබලන්න කියලා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?

එතුමා මුලින්ම 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන වෙලාවෙත් එතුමා හැදුවේ මගේ සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් එවකට ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා හිටිය රනිල් වික්‍රමසිංහ මහත්තයට චෝදනා කරන්න.

සමහර අය නොදැන හිටියට මම මගේ සහෝදරයගේ නංගි හැටියට මම දැනගෙන හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මගේ සහෝදරයට තිබුණ රහස් සම්බන්ධතා ගැන. විශේෂයෙන්ම 2000-2001 චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිනිය විදිහට ඉද්දි ඒ වෙලාවේ තිබුණ යාළුකම.

මම හිතනවා 2005 ජනාධිපති වශයෙන් පත්වෙලා අවුරුදු 10ක් ජනාධිපති ලෙස කටයුතු කරනකොට යුතුකමක් තිබුණා පොඩි හරි සැකයක් තිබුණානම් ඒ සම්බන්ධයෙන් හොයාබලන්න. මොකද අපිට සැකයක් නැති නිසා එතුමගේ හිත හරිගස්සන්න හරි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. මම අධිකරණ ඇමති වෙනකම් හිටියද ඒක කියන්න.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.