මහින්ද ගාසා තීරයත් සංවර්ධනය කරයි.

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව පසුගිය කාලයේදී පලස්‌තීනයේ ගාසා තීරයේ වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක්‌ (රුපියල් කෝටි 13 ක්‌) වැයකර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ප්ලස්තීන අධිකාරය ලෝකයේ ඉතා දුෂිත පරිපාලන වලින් එකක් සේ සැලකේ.

මහින්ද රාජපක්‍ෂ වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානය නමින් ගාසා තීරයේ ආයතනයක්‌ පිහිටුවීමට ශ්‍රී ලංකාව එවැනි විශාල මුදලක්‌ වැය කිරීම නිෂ්ඵල ක්‍රියාවක්‌ බව ද අගමැතිවරයා කීවේය.

අනුර කුමාර දිසානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ කීය.

අගමැතිවරයා – තවම ඉදිකිරීම් ආරම්භ කරලා නෑ. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ නම ගාසා තීරයේ ජනප්‍රිය නමක්‌.

(ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සිනාසේ)

 

අගමැතිවරයා – ඇමැතිතුමා මොකද හිනාවෙන්නේ.

145

ඒ විතරක්‌ නොවේ යාපනයේ තරු හතක මාලිගාවක්‌, පානම කාමර 57 ක වීඅයිපී නිවාඩු නිකේතන තුනක්‌ හදා තිබෙනවා. අඩි සීයක්‌ දුවලා ගියාම මුහුදට පැන්න හැකි අරලියගහ මන්දිරයේ බී එම් අයි සී එච් එකට වඩා විශාල සම්මන්ත්‍රණශාලාවක්‌ හැදෙනවා.

 

අනුර දිසානායක මහතා – පලස්‌තීනයට කෝටි දහතුනක්‌ දී තිබෙන්නේ ණය පොලී ගෙවාගන්න තරම් ආදායමක්‌ නැති රටකින්. මේක සාධාරණද?

 

අගමැතිවරයා – සාධාරණ නෑ. මාලිගා හදන එකත් සාධාරණ නෑ. ඔය ප්‍රශ්න මගෙන් අහන එකත් සාධාරණ නෑ.

 

වාසුදේව නානායක්‌කාර මහතා – ප්‍රෙන්ඩ්ලි .

 

අනුර දිසානායක මහතා – ප්‍රෙන්ඩ්ලි නොවේ ෆ්‍රෙන්ඩ්ලි  නමින් හොරා කාපුවා තේරුම් ගන්න. ජීවතුන් අතර සිටින කිසිවකුගේ නමින් පාරක්‌, ගොඩනැඟිල්ලක්‌ නම් කිරීම නොකළ යුතුය කියා ස්‌ථාවරයකට පැමිණිය යුතුයි.

 

අගමැතිවරයා – ජීවතුන් අතර නොවේ. මැරුණට පස්‌සෙත් අපේ නමින් නම් කරන්න එපා. ඩඩ්ලි සේනානායක, ඡේ. ආර්. ජයවර්ධන, බණ්‌ඩාරනායකලා කිසිවෙක්‌ නම් කළේ නෑ. මේවා මහින්ද චින්තනයෙන් වෙනස්‌ කරලා. මම නම් ප්‍රතිපත්තියක්‌ වශයෙන් පාවිච්චි කරන්නේ නෑ. මගේ සල්ලිවලින් හැදුවා නම් කමක්‌ නෑ. අපිට ජනතාවට සේවය කරලා ගෙදර යන්න තියෙනවා. මම වාසුදේව නානායක්‌කාර මහත්තයාට කියනවා මේක ෆ්‍රෙන්ඩ්ලි  මැච් එකක්‌ නොවේ. උත්තර දෙන එකක්‌. හිටපු ජනාධිපතිතුමාව, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව, චන්ද්‍රිකා බණ්‌ඩාරනායකව එකතු කරන ෆ්රෙන්ඩ්ෂිප් එකට මගේ සම්පූර්ණ සහාය දෙනවා.

mahinda has his name for vocational training centre for in gaza strip

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!