මහින්ද ගැන මෛත‍්‍රී ගෙන් මැ කො ට පැමිණිල්ලක්

 

 

 

Scanned-Image-1-745x1024

 

 

මහින්ද රාජපක්ෂ  මහතා සහභාගී වන රූපවාහිනී සංවාද වැඩසටහනක්  සියළුම රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී නාලිකාවලින් විකාශනය කිරීමට ගන්නා උත්සාහයක් පිළිබඳව

මහතාගේ ඡන්ද නියෝජිත වන ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කොට තිබේ.

මෙම වැඩසටහන  මහනුවර ජනාධිපති මන්දිරයේදී වීඩියෝ ගත කිරීමට නියමිතව තිබු බවයි විපක්ෂ ආරංචි මාර්ග කියා සිටින්නේ.

එක් රූපවාහිනී නාලිකාවකට මහින්ද රාජපක්ෂ මහතා වෙත  ප්‍රශ්න 10ක් යොමු කරන ලෙස දන්වා ඇති බවත්  එම ප්‍රශ්න අතුරින් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් තෝරා ගන්නා ප්‍රශ්න පමණක් අදාළ රූපවාහනී නාලිකාවේ නිවේදක, නිවේදිකාවන් ලවා මහින්ද රාජපක්ෂ මහතාට යොමු කිරීමට නියමිතව තිබු බවයි වාර්තා වන්නේ.

අවසන් මොහොතේ රූපවාහිනී ප්‍රචාරයේ වාසිය ඒකපාර්ශවිකව මහින්ද රාජපක්ෂ මහතා වෙත පමණක් ලබා ගැනීම අසාධාරණ බවයි  ව්ජේදාස රාජපක්ෂ පෙන්වා දෙන්නේ.

පළාත් සභා සහ වෙනත් මැතිවරණවලදී ජනපති ජනහමුව නමින් මේ ආකාරයට රූපවාහිනී නාලිකා සියල්ල යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරයේ යෙදුනත්  මෙවර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයකු වන බැවින් මෙය නීති විරෝධී ක්‍රියාවක් වන් බවයි විපක්ෂය තර්ක කරන්නේ.

Scanned Image (1)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.