මහින්ද ගේ ආණ්ඩුව කොටින්ට වාහන දුන්නා

 

මහින්ද රාජපක්ෂ මුල ඉඳන්ම ත්‍රස්තවාදය පරාජය කරනවා කියා තිර අදිටනකින් සිටි බව, උපන්දා සිට  ත්‍රස්තවාදය පරාජය  කරන්න බලාගෙන සිටින බව කවුරුන් හෝ කියනවා නම් එය බොරුවක්. ඔහු 2005 හෙළ උරුමය සමඟ ගිවිසුම් අත්සන් කරන තුරු ෆෙඩරල් වාදියෙක්. රටේ ඒකීය භාරවය ගැන වචනයක් කතා කළේ නෑ. උතුරු නැගෙනහිර කොටින්ට පාවා දෙන ‘පීටොම්ස්‘ (පීටොම්ස් යනු පශ්චාත් සුනාමි මෙහෙයුම් කලමනාකරණ ව්‍යූහයයි. ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අතර මේ අවබෝධතා ගිවිසුම අත්සන් කැරිණි.)

ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ අගමැති විදියටයි.  2005 ජනපතිවරණයට පෙර කොටින්ට අරමුදල් දුන් බව ශ්‍රීපති සූරියආරච්චි, ටිරාන් අලස් හා මංගල සමරවීර  ප්‍රකාශ කර තිබෙනවා. අද වෙනකම් එය බොරු බව කිව්වේ නෑ. සමහරුන් රහස් පොලිසියට පවා ඒ ගැන ප්‍රකාශ දී තිබෙනවා.‘ යැයි විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ලංකාදීප ‘එසැණ‘ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ශ්‍රීලනිපයේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා වැනි පිරස් ඝාතනය කරන්නට කොටි උත්සාහ දරද්දී එම ආණ්ඩුවෙන් කොටින්ට වාහන ලබා දී ඇතැයි ද රණවක මහතා කීවේය.

විල්පත්තුවේ වන සංහාරයක් වන බව කියමින් වත්මන් ආණ්ඩුවට චෝදනා කරන්නේ හිටපු ජනපතිගේ සංවිධානාත්මක පිරිසක් බවත්, මන්නාරමේ යම් සිදුවීමක් වී ඇත්නම් ඊට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සහ බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බවත් ඔහු සඳහන් කළේය.

මූල්‍ය අපරාධ විමර්ශන අංශය, පැවැති රජයේ ඇමැතිවරුන් අත්අඩංගුවට ගැනීම, ඇවන්ගාඩ් අවි ගබඩාව, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, විල්පත්තුවේ ගැටළුව, ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වලකාලමින් දුන් නියෝගය ඇතුළු මාතෘකා රැසක් ගැන අමැතිවරයා සාකච්ඡා කළේය.

 

 

 

[vsw id=”/5apR6R815BQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.