මහින්ද ගේ ගමේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකට ප්‍රහාර

 

 

belli

 

බෙලිඅත්ත එජාප ආසන සංවිධායක විමල් ජයසිරි මහතා ගේ නිවසට ඊයේ රාත්‍රී(01) ප්‍රහාරයක් එල්ල වී ඇතැයි බෙලිඅත්ත පොලීසිය කියයි.

ගිනි අවි රැගත් පහළොවකින් පමණ සමන්විත කණ්ඩායමක් ප්‍රහාරයට පැමිණි බවත් ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදි කිහිපයකට හා දේපොළවලට හානි සිදු වී ඇති බවත් ජයසිරි මහතාගේ බිරිඳට ද සුළු තුවාල සිදු වූ බවත් කියති.

පොදු  අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද ප්‍රචාරක ලිපි ලේඛන රැසක් ප්‍රහාරයට පැමිණි පිරිස විනාශ කළ බවත් ජයසිරි මහතා කියයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව දන්නේ නැතැයි තමන් සිතන බවත් මේ පිළිබඳව  පියවර ගන්නේ නැතිනම් මේවා මෙහවන්නේ එතමා බව තමන්ට නිගමනය කිරීමට සිදුවෙන බව විමල් ජයසිරි මහතා පැවසීය.

” උඩට වෙඩි තියලා හෙට එළිවෙන්න ඉස්සරවෙලා සියලුදෙනාම මරන බවට මරණිය තර්ජනය කරලා අපි නිරායුධව ඉන්න පිරිසක් හැටියට ගේ ඇතුළට වෙලා ඉන්නකොට දොරකඩන්න හදලා -එතකොට මම දොරවහගෙන විදුරු ජනේලයෙන් බලන් හිටියා සියලු සිද්ධීන් . මිට පෙරත් මෙවැනි සිද්දියක් වුණා. මම ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කරලා තියෙනවා ඒ පුද්ගලයාම මිට පෙරත් ටී 56 ගිනි අවියක් අරන් ඇවිත් ගේට්ටුව ගාවට ඇවිත් උඩට වෙඩි තියලා මරණිය තර්ජනය කරලා ගියා. නමුත් කිසිම රාජකාරියක් ඉටු වුණේ නෑ ඔවුන් නිදැල්ලේ හැසිරෙමින් ඉඳලා තමයි අපට අදත් මේ සිද්ධියට මුහුණ පාන්න උනේ.” යැයි විමල් ජයසිරි මහතා  වැඩිදුරටත් කියා සිටියේය.

 

[vsw id=”/rcpUSNVCGp8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.