මහින්ද ගේ පකිස්තාන මෙහෙයුමට ටීකාවක්

mahinda-rajapaksa-21අටුවාවක නොතේරෙන තැන් එළි කරමින් සම්පාදිත ග්‍රන්ථය ටීකාවයි. පසුගියදා හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ පාකිස්තානයට ගිය ගමන ගැන බොහෝ දෙනාට නොතේරෙන තැන් බොහෝමයකි. අපේ නායකකාරකාදීන් සැප ගන්නට රට යන බව ඇත්තය. එහෙත් ලාංකේය දේශපාලන තැටිය රත්වෙන මොහොතේ රොටියක් පුළුස්සා ගැනීමට මාන බලමින් සිටින හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මේ මොහොතේ ‘සැපට’ තීරණාත්මක කාලයක්
වෙන් කරතැයි සිතිය නොහැක. එසේ නම් ගමන දේශපාලන මෙහෙයුමකි. මහින්දට නිතර මතුවෙන සිතුවිල්ලකි. ‘අප හැරදා ගිය මුස්ලිම්වරුන් යළි කැඳවා ගන්නේ කෙසේ’ද ?

පකිස්තාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් ඇරයුමක් ගෙන්වා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත්ස විය.  සාමය සඳහා වූ ලංකාවේ අරගලය දේශනයේ තේමාව විය. ආණ්ඩුව කලබල වූ තැන රවී කරුණානායක විදේශ ඇමතිවරයා පාකිතාන මහ කොමසාරිස්වරයා ගෙන් විමසා සිටියේ ආණ්ඩුවේ අනුමැතියකින් තොරව මෙවැනි ගමනක් සංවිධානය වුයේ කෙසේද යන්නයි.

පකිස්තාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පුද්ගලික සරසවියක් බව පැවසු මහ කොමසාරිස්වරයා ඇඟ බේරා ගත්තේය. ඇත්ත වශයෙන්ම එය හමුදා නිලධාරීන් විසින්වි පාලනය වන ආයතනයකි. යහපාලන බෝට්ටුව මහින්ද පාකිස්තානයට ගොඩ බට විගස මුණ ගැසුනේ හිටපු ඔත්තු සේවා ප්‍රධානි ජෙනරාල් රිස්වාන් අක්තර්ය.

හමුදා ප්රධානි ජාවෙඩ් බජ්ජා ද මහින්ද හා කථා බහට එක්විය. දැන් ඉතිරිය ඉදිරි දින කීපය තුළ සිදුවෙනු ඇත. වික්‍රමසිංහයන් සහ සිරිසේනයන් ගේ යහපාලන බෝට්ටුවෙන් එළියට පනින මුස්ලිම් නායකයින් කීප දෙනෙකු මහින්ද සහ ඔහුගේ සගයින් වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.