මහින්ද ගේ පැමිණීම හා නොපැමිණීම

Sri Lankan President Mahinda Rajapaksa listens to a speech during his final rally ahead of presidential election in Piliyandalaඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පරිබාහිරව වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ කිසිඳු අදහසක් නොමැති බවත්, තමන්ට හිතවත් බහුතර මන්ත්‍රී පිරිසක් මීළඟ පාර්ලිමේන්තුවට එක් කර ගැනීම ඔහුගේ ඉලක්කය වී ඇති බවත් ඊයේ තංගල්ලේ කාල්ටන් නිවාසට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරු කියා සිටිති.

නාමයෝජනා හිමිනොවන තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් වෙනම පක්ෂයකින් මහ මැතිවරණයට ඉදිරිපත්වීම අනුමත කර ඇති මහින්ද රාජපක්ෂ මහතා, එම කණ්ඩායමට ප්‍රසිද්ධියේ සහය නොදුන්නා ද මුල්‍ය  ආධාර ලබාදීමට එකඟත්වය පළකර තිබේ.

කවර ආකාරයකින් තරඟ කලද මහ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අත්පත්කර ගැනීම තම ඒකායන අරමුණ බව හිටපු  ජනාධිපතිවරයා තමා ඇතුළු මන්ත්‍රී පිරිසක් සමග අවධාරණය කර සිටි බව අප වෙත තොරතුරු දුන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහින්ද පුටුවෙන් එනවා ලු !

කෙසේවුවද, හිටපු විශේෂ ව්‍යාපෘති ඇමැති අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා නොලැබේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පුටුව ලකුණෙන් සංවිධානගතවී මහ මැතිවරණයට මුහුණ දෙනු ඇති බවයි.

චන්ද්‍රසේන මහතා එම අදහස් පළ කළේ නව වසරේ සිය අනුරාධපුර කාර්යාල පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

විකල්පය සූදානම් :

මේ අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ, එළැඹෙන මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් නාමයෝජනා ලබා නොදුනහොත් විකල්ප තීරණයක් ගන්නා බවයි.

ශ‍්‍රීලනිපයෙන් කිසියම් පිරිසකට නාමයෝජනා නොලැබුණහොත් එය මෙරට දේශපාලන ඉතිහාසයේ පෙරළියක් සිදුකරනු ඇති බවත් පවසන මන්ත‍්‍රීවරයා එවැනි වැරැදි තීරණ ගත් අයටම එය භුක්ති විඳීමට සිදුවන බවත් කියා සිටී.

එහෙත් එක්සත් ජාතික පක්ෂයත් සමඟ කිසිසේත්ම එක්වන්නේ නැති බවත් ඔහු අවධාරණය කරයි.

mahinda-rajapaksa-basil-rajapaksa-2010-4-4-12-50-29-colombotelegraphබැසිල් 21 ලංකාවට

 

යළි දේශපාලනයට එක්වීමේ අදහසක් නැතැයි රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති සහ ශ‍්‍රීලනිප හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් තමාගේ ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය බවට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් කල දැනුම්දීමට අනුව, අධිකරණ නියෝගයට ගරු කරමින්, පොලිස් පරීක්ෂණවලට සහයදීම සඳහා ලබන 21දා දිවයිනට පැමිණෙන බවද ඔහු කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කල විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.ආර්.කේ. රණවක මහතාගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ලබා දුන් නියෝග අනුව එම දෙපාර්තමේන්තුවේ මූල්‍ය ගනුදෙනු සිදුකළ බවට ප‍්‍රකාශ කර ඇති බැවින් ඊට අදාළව අදාළ ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි.

ඒ අනුව, දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවී ඇති රුපියල් මිලියන 6500කට වැඩි මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලිසියේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රශ්න කිරිමට තීරණය කර ඇත.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.