මහින්ද ගේ සීෂෙල්ස් වත්කම් පිළිබඳ පරීක්ෂණවලට එරට සහය

 

Seychelles-BeautifulIslandPhotos28229

 

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ඉදිරිපත් කරන සියළුම විධිමත් ඉල්ලීම් වලට සහයෝගය දැක්වීමට සූදානම් බව සීෂෙල්ස් රාජ්‍ය පවසා ඇතැයි වාර්තා වේ.

සීෂෙල්ස් විදේශ අමාත්‍යංශය විසින් ඊයේ නිකුත් කර තිබෙන නිවේදනයකින් මේ බව සඳහන් කර තිබෙන අතර සීෂෙල්ස් රාජ්‍යය සමග මහින්ද රාජපක්ෂ මහතා තිබූ සම්බන්ධතාවය මත එරට වත්කම් සඟවා ඇතැයි වත්මන් රජය විසින් එල්ල කරන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් මේ බව සඳහන් කර ඇත.

 

ජනාධිපතිතුමා සීෂෙල්ස් වෙත ළඟා වෙයි.

සොරකම් කරන වත්කම් සැඟවීම සඳහා සීෂෙල්ස් රාජ්‍යය කදිම ස්ථානයක් යැයි වත්මන් රජයේ ඇතැම් අය නගන චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් සීෂෙල්ස් විදේශ අමාත්‍ය ජීන් පොල් ඇඩම් සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලාංකිකයින් විසින් සීෂෙල්ස් රාජ්‍යයේ කර තිබෙන සියළුම ආයෝජන දෙරට අතර අත්සන් කර තිබෙන ද්විත්ව බදු වැලැක්වීමේ ගිවිසුමට අනුව හෙළිකල හැකි බවයි.

පසුගිය රජය විසින් සීෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කර තිබේ.

මහින්ද රාජපක්ෂ තම කළු සල්ලි සුදු කිරීමෙ කේන්ද්‍රයක් කර ගනිමින්හ සීෂෙල්ස් රාජ්‍යය භාවිතා කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැති වරයා මෑතක දී කියා සිටියේය.

සීෂෙල්ස් රාජ්‍යයේ  ඇති ආවරණය සහිත බදු ක්‍රමය නිසා කළු සල්ලි සහිත විදේශ ව්‍යාපාර 1,40,000 ක් පමණ එහි ව්‍යාපාර ලියාපදිංචි කර ඇත. එම රටේ මෙම ආවෘත ප්‍රතිපත්තියට විරුද්ධව නවසීලන්තය සහ සයිප්‍රසය ඇතුළු ලෝක ආර්ථික සහයෝගිතා සංවර්ධන සංවිධානය තම කනස්සල්ල මීට පෙර  පළ කර තිබේ.

 

 

 

 

 

.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.