මහින්ද ටී .බී ඉලංගරත්න ඇපයට ගනී

 

DSC01611

 

 

 

මෙවර මැයි දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතුවන්නේ කොතනින්ද යන්න පිළිබඳව දේහපාලන විචාරකයින් තුල කුකුසක් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට  නෑකම් කියන එමෙන්ම තමන්ව නන්නත්තාරවාදී විමල්-වාසු ගොඩට ඇද දමන්නේ නැති විකල්පයක් හොයමින්  සිටි රාජපක්ෂ මහතාට ඉලංගරත්න මහතා මතක්  වී තිබේ.

ඉතා අවංක සහ ප්‍රගතිශීලී දේශපාලකයෙකු වූ ඉලංගරත්න මහතාගේ යහ ගුණ ගැටළුකාරී පැවැත්මක් ඇති වර්තමාන දේශපාලකයෙක් විසින් ප්‍රයෝජනයට ගත හැකිවීම තරම් ප්‍රබල වීම සතුටට කරුණකි.එහෙත් මීට පෙර අවුරුදු වල හිටපු ජනාධිපතිවරයාට ඉලංගරත්න මහතා මතක් නොවීම ගැන මතක් වන විට මේ සැමරුම හුදෙක් අවස්ථාවාදය පදනම් කරගත් එකක් බව වතී යයි.

කොළඹ කොල්ලුපිටියේ වී තිබේ අරලියගහ මන්දිරය සමිපයේ  පිහිටි  ටි.බි ඉලංගරත්න පිළිරුවට   හිටපු  ජනපති  මහින්ද රාජපක්ෂ මහතා අද (01) උදේ  ම සිටිලින්  උපහාර   දැක්වීය. සංධානයේ  මහලේකම්  සුසිල් ප්‍රේමජයන්ත මහතා   එහිදී  පැවසුවේ  රටට සේවය කිරිම අතින් ඉලංගරත්න  මහතා  දෙවැනි  වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට  පමණක්  බවයි.

 

DSC0296

කොළඹ හයිඩ් පිටියේ පැවති ශ්‍රීලනිප මැයි රැලියට සහ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ පැවති එක්සත් මැයි රැලියටත් යන දෙකටම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පණිවිඩ එවා තිබිණි.

ශ්‍රීලනිප රැලියට එවූ සුබ පැතුම් පණිවිඩිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් හා එක්සත් මැයි රැලියට එවූ සුබ පැතුම ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා කියවීය.

මේ අනුව පෙනී යන්නේ කොහේ හෝ කකුල තබා ගත හැකිනම් එතැන කකුල තබා ගැනීමට මහින්ද පසුබට නොවන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.