මහින්ද ට නෝ චාන්ස්

 

 

 

domahinee

ඉදිරි මහ මැතිවරණයට මහින්ද රාජපක්‍ෂ මහතා අනාවාර්යෙන්ම තරඟ වදින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

එසේම තමන් පුරුදු පරිදි මහින්දගේ සන්ධානයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරඟ වදින බවද වීරවංශ මහතා සඳහන් කලේය. මේ අනුව පෙනී යන්නේ  මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂපත්ව යන බොඳ වුනු සිහිනයක් බවට පත් වෙමින් තිබෙන බවයි.

මහින්ද රාජපක්ෂ- විශේෂ ප්‍රකාශයක්

ඇසල පුන් පොහොය දින යොදී ඇති අනිද්දා දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන සිය නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ඔහුගේ මධ්‍ය ප්‍රකාශකයා කියා සිටී.

එදින පෙරවරු 10.30ට මෙම විශේෂ ප‍්‍රකාශය කරනු ඇතැයි ඒ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශකයා සඳහන් කරන්නේ.

හෙළ උරුමය අතීරණයේ 

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරඟ වැදීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැත.

සන්ධානගත වන්නේ කා සමගඳ තනිව තරඟ වදින්නේදැයි ඉදිරියේදී ඇතිවන දේශපාලන වර්ධනයන් සලකා බලා තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන එම පක්‍ෂ ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

ප්‍රසන්න රණතුංග පෝලිමේ

මේ මැතිවරණය දෙනකන් අපේ රටේ ජනතාව බලාගෙන හිටියා. මැති ඇමතිවරු බලාගෙන හිටියා. දැන නාම යෝජනා ගන්න මහින්ද මහත්තයා ලගට කට්ටිය එන්නේ පෝලිමේ. කතාවක් තියනවා දිනන අස්සයට ඔට්ටු අල්ලන්න හැමෝම පොර කනවා කියලා ඒ වගේ තමයි දිනන පැත්තෙන් නාම යෝජනා ගන්නයි හැමෝම එන්නේ- මහ ඇමති ප්‍රසන්න රණතුංග මෙසේ පැවසුවේ උඩුගම්පළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවති කාන්තා රැුස්වීමකදී

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.