මහින්ද දයාසිරි සමඟ මනාප සටනේ

2f8d1846283f12e86965ea3dae896183_Lමහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගලට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා අතර තියුණු මනාප සටනක් ආරම්භවී ඇත.

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී රාජපක්ෂවරුන්ගේ බාධක මධ්‍යයේ පවා, ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබා ගත් දයාසිරි ජයසේකර මහතා, මෙවර ද තම මනාප සටන සාර්ථකව දියත්කර තිබේ.

වාර්තා වන පරිදි දයාසිරි ජයසේකර මහතාට හා ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද නොමසුරු අනුග්‍රහය ලැබී ඇත.

මහ මැතිවරණයෙන් පසු පිහිටුවන ජාතික ආණ්ඩුවේ ප්‍රබල ඇමතිධුර දෙකක් ඔවුන් දෙදෙනා වෙත ලබාදීමට ද ජනාධිපතිවරයා එකඟවී ඇතැයි ද පැවසේ.

කෙසේවුවද, කුරුණෑගල සන්ධාන ලයිස්තුවේ බොහෝ අපේක්ෂකයින්ගේ සහය හිමිවී ඇත්තේ, මන්ත්‍රී ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වෙතය. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහි පෙරමුණ ගෙන සිටියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.