මහින්ද පක්ෂ නායකත්වය රැකගැනීමේ අරගලයක

 

RDS_8753

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ  සාමාජිකයන්ට කිසිදු  හිරිහැරයක්  නොකර මෛත්‍රී පාලනය සෑබෑ ලෙසම ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලා පොරොත්තු වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද  කියා සිටියේ  රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙදීට්‍ය.

මෛත්‍රීපල සිරිසේන මහතා සභාපති ධුරයට පත් කරගත් තවත් මධ්‍යම කාරක සභා රස්වීමකට සමාන්තරව මේ රස්වීම පැවැවිනි.

රාජපක්ෂ මහතාට සහය පළ කරමින්  කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මුලස්ථානය අසලට රැස් වු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පුරා පැය හතරකට ආසන්න කාලයක් එහි රැස් වී සිටියහ.

 

RDS_8821

රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අහිමි වෙන බවක් පෙනෙන්ට ඇති අතර මෙය වලක්වා ගැනීම සඳහා ඔහු දැඩි සටනක යෙදෙන බවක් පෙනෙන්ට තිබේ.

ඉදිරි  දින කීපය තුල සටන  උග්‍ර වීමට ඉඩ ඇති අතර ආණ්ඩු පක්ෂය පැත්තෙන් වැදගත් හෙලිදරව් කරමින් හිටපු ජනාධිපතිවරයාගේ විශ්වශනීයතත්වයට අභියෝග කිරීමට ඉඩ ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.