මහින්ද පරාජය පිටුපස අදිසි ඉන්දීය හස්තයක් ?-රොයිටර්

 

හිටපු ජනාධිපතිවරයා පිළියන්දල පැවති  අවසාන රැස්වීමීමේදී
හිටපු ජනාධිපතිවරයා පිළියන්දල පැවති අවසාන රැස්වීමීමේදී

 

ජනාධිපතිවරණයට දින කීපයකට පෙර ඉන්දීය රහස් ඔත්තු සේවාවේකොළඹ ප්‍රධානියාට රටින්  පිටවීමට සිදුවිය.

පෙර පැවති ආණ්ඩුවේ ආරංචි මාර්ග  රොයිටර් පුවත් සේවාවට පවසන පරිදි විපක්ෂයට  සහයෝගය දැක්වීම නිසා ඉන්දීය රහස් ඔත්තු සේවාවේකොළඹ ප්‍රධානියාට  කොළඹින්

පිටවීමට සිදුවිය.

එහෙත් ඉන්දියානු විදේශ අමත්‍යංශ ප්‍රකාශකයා රොයිටර් පුවත් සේවාවට කියා සිටීයේ  බලකිරීම නිසා නොව සාමාන්‍ය ස්ථාන මාරුවක් සිදු වූ බවයි.

මේ නිලධාරියා  සිරිසේන මහතාට රාජපක්ෂ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වීමට උනන්දු කල බව රාජ්‍යතාතන්ත්‍රික ආරංචි මාර්ග කිය සිටින බව රොයිටර් කියා සිටී.

දෙසැම්බර් මස 28 වෙනිදා සන්ඩේ  ටයිම්ස් පුවත් පත මේ පිළිබඳව’පොදු විපක්ෂය සමග සබඳතා ‘ ((“links with the common opposition”)යන මැයින් වාර්තා කර තිබින.

චීන සබ්මැරින් දෙකකට කොළඹ වාරයේ නැංගුරම් ලෑමට ඉඩදීම පිළිබඳව ඉන්දියානු ආණ්ඩුව දැනුවත් නොකිරීම තුලින් දෙරට අතර තබූ අන්‍යොන්‍ය එකඟතාව බිඳීමේ හේතුවෙන්.

 

image

රාජපක්ෂ පරිපාලනය  සමග අප්‍රසාදයෙන්

 

ඉන්දියානු ආණ්ඩුව රාජපක්ෂ පරිපාලන සමග අප්‍රසාදයෙන්  සිටි බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙති.

දැන් ජනාධිපති සිරිසේන මහතා ප්‍රථමයෙන්ම යන රට ඉන්දියාව වන අතර මෙහි පුර්ව  සුදානම් කටයුතු සඳහා විදේශ ඇමති මංගල සමරවීර  මහතා නවදිල්ලි නගරයට ගොස් සිටී.

ඉන්දීය ආරංචි මාර්ග පවසන ආකාරයට රටින් පිටමං  වීමට සිදු වූ ඔත්තු සේවා නිලධාරියා භේද වී සිටි විපක්ෂය එක්සත් කිරීමට උදව් වී ඇත.එසේම ජනාධිපතිවරණය සඳහා තරඟ නොකර සිටීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පොලඹව ගත් බව රොයිටර් වාර්තාව කියාසිටී.එසේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක සමග  සමීප සබඳතාවක් පත්වූ බවත් වාර්තාවේ.

රනිල් වික්‍රමසිංහ මහතා කාලීන  දේශපාලන තත්වයන් පිළිබඳව  අදහස් හුවමාරු කර ගැනීම සඳහා කීප වතාවක්ම ඉන්දීය තානාපතිවරයා හමු වූ බව අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසු බව රොයිටර් පුවත් සේවාව කියා සිටී.

මේ හමුවීම් පිළබඳව හිටපු ජනාධිපතිනිය අදහස් දැක්වීමෙන් වැලකී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පවසා  ඇත්තේ තමන් පරාජය කිරීමට ඉන්දියාව දායක වුවද නැද්ද යන්න පිළිබඳව  තමන් නොදන්නා බවයි.

ඒ පිළිබඳව තමන්ට සාක්ෂි නැති හෙයින් කිසිත් කිව නොහැකි බවයි ඔහු කියා ඇත්තේ.

modirr

දේශපාලනයට ඇඟිලි ගැසීම

මේ පිළිබඳව අදහස් දක්වන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළබඳව වූ වාර්තාකරුවන්  කියා සිටින්නේ අසල්වැසි ඉන්දියාව ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගැසීම අළුත් දෙයක් නොවන බවයි.කෙසේ වෙතත් නිශ්චිත සිදුවීම් ගැන කථා කිරීම ආණ්ඩු පාර්ශවයට හෝ රාජපක්ෂ පාර්ශවයට වාසිදායක නොවන හෙයින් ඒ රහස් සියල්ල කාලයේ වැලිතලාවට යටපත් විය හැකි බවයි.

ඉන්දියාවට ගොස් සිටින විදේශ ඇමති මංගල සමරවීර රොයිටර් පුවත් වාර්තාව ප්‍රතික්ෂේප කරමින් හින්දු  පුවත් පතට  කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ජග්ර්හ්නය කළේ ජනතාව බවයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.