මහින්ද පරාද වීමට වගකීම මගෙයි- ජාතික සංවිධායක තනතුරෙන් බැසිල් ඉල්ලා අස්වෙයි

images (49)

මහින්ද රාජපක්ෂ තම සහෝදරයාගේ පරාජයේ සම්පූර්ණ වගකීම භාරගනිමින්    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන්  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා

ඉල්ලා අස්වී ඇත.ලොස් ඇන්ජලීස් නුවර වෙසෙන බැසිල් ලිපියකින් මේ බව පක්ෂයට දන්වා ඇත්තේ ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා  වෙත ලිපියක්  එවමිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමන් ඉදිරියටත් කටයුතු කරන බව දන්වා ඇතත්  යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් දැන් ගන්ට නැත.

මේ වන විට බැසිල් රාජපක්ෂ මහතාට එරහිව අල්ලස් චෝදනා ඉදිරිපත් වී ඇති අතර දිවි නැගුම ඇතුළු ආයතන ගණනාවක ගිණුම් විමර්ශනයට ලක් වෙමින් පවතී.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.