මහින්ද ප්‍රචාරණයේ-ෆොන්සේකා ප්‍රහාරයේ

sarath-fonseka-colombo-telegraph

 

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද උදෑසන අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි හිමියන් බැහැදුටුවා. එමෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා මල්වතු මහනායක අතිපූජ්‍ය තිත්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ද බැහැදුටු බවයි වාර්තාවන්නේ. ඊට පෙර ඒ මහතා ශ්‍රී දන්තධාතූන් වහන්සේ වැදපුදා ගනිමින් ශ්‍රී දළඳා මාලිඟාවේදී ආගමික වතාවත්වලද යෙදී ඇත.

දැනට පෙනෙන්ට තිබෙන තත්වය අනුව හිටපු ජනානධිපතිවරයා උපරිමප්‍රචාරක වාසියක් ලබා ගනිමින් සිටින අතර ඔහුට වාග් ප්‍රහාර එල්ල කිරීමේ කාර්ය සරත් ෆොන්සේකා විසින් භාර ගෙන ඇත.

මහින්දලා කූඹින් වගේ

‘මහින්ද අද ගෙවලයෙක්, ගෙවලයා පයින් ගසා එළියට දැම්මාම හැරෙන්නේ ගේ පැත්තටමයි. ජනතාව ජනවාරි 8 වැනිදා පයින් ගසා එළියට දැමූ මහින්ද රාජපක්ෂ පාර්ලිමෙන්තුව පැත්ත බලාගෙනයි වැටෙන්නේ. හරියට හිටියා නම් අදත් ජනාධිපති මහින්ද. ආරක්ෂක ලේකම් ගෝඨාභය‘ යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (9) අම්බලන්ගොඩ නගර ශාලාවේදී පැවසීය.

‘හොරුන් දූෂිතයන් එළවන්න ප්‍රධාන පක්ෂ දෙකටම ඕන කමක් නෑ. ඒ පක්ෂ දෙකේම ඒවගේ අය සිටිනවා. රජය හොරකම්වල ලොකු තෝරුන් මෝරුන් අල්ලන්නේ නෑ. එක යහපාලනයට විරුද්ධයි. එදා මහින්දලා හිටියේ හුඟක් උඩින්. ඔවුන් මිනිසුන්ට සැලකුවේ කූඹින්ට වගේ. අද මහින්දලා කූඹින් වගේ. මිනිස්සු උඩින් ඉන්නවා.‘

 

කොන්දක් නැහැ

 

කොන්ද පණ තියෙනවා නම් කොඳු ඇට පෙළේ එක ඇටයක් හෝ ආත්ම ගරැත්වය කියන එක කළ දක්වත් තියෙනවා නම් ලැජ්ජ නැතුව මෛත්‍රිපාල සිරිසේන මහත්තයගේ කකුල් දෙකගාවට හොරු රැලක් එක්ක ගිහිල්ලා ඉල්ලා හිටියිද, මම අගමැති අපේක්ෂකයා කරන්න කියලා . එයාට අගමැති අපේක්ෂක කම  ඕනෑලු. එයාගේ හිතේ මෛතිපාල සිරිසේන මහත්තයා කියන්නේ තොත්ත බබෙක් කියලා‘ යි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා  මතුගම යටියන ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් පැවසීය .

‘ ලක්ෂ හැටතුනක් අරං ආපු නායකයගෙන් ඉල්ලනවා එයා  අගමැති කරන්න කියලා , ඉදිරි මහමැතිවරනය මෙහෙයවන්න දෙන්න කියලා , ඒක කරලා මෛත්‍රිපාල සිරිසේන මහත්මයා පොරවගෙන ඉන්න ඕනෑ මෙයාට ආපහු බාරදීලා.  පුදුම චරිත.අපි ආයේ එයාට නැගිටින්න දෙන්නේ නැහැ. ආයෙත් රට විනාස කරන්න ඉඩ දෙන්නෙ නෑ.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.