මහින්ද පාරට බසී?

mahinda“රට වනසන අවුල් හවුල ගෙදර යවමු!” යන තේමාව යටතේ කළුතර සිට කොළඹට දෙදින දැවැන්ත විරෝධතා පා ගමනක් සංවිධානය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

මෙම පා ගමන ජුනි 07 වැනිදා උදේ 9.00ට කළුතර බෝධිය අසලින් ඇරඹිමට නියමිතය. පළමු දිනය අවසානයේ මොරටුව නගරයට පැමිණෙන පාගමන දෙවන දිනයේදී මොරටුවේ සිට කොළඹ පැමිණෙයි.

මෙම දැවැන්ත පාගමන සංවිධානය කිරීමට තීරණය කරනු ලැබුවේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක‍්ෂ නායකයන් අතර පැවැති තීරණාත්මක සාකච්ඡාවේදීය.

එම විරෝධතා පාගමන සංවිධානය කිරීමේ රැස්වීමක් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ නිවසේ පැවැත්විණි.

මෙම දැවැන්ත විරෝධතා පා ගමනේ සංවිධාන කටයුතු සිදු කිරීම සඳහා බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක්ද පත්කර තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.