මහින්ද පාර්ශවය සාකච්ඡා ගැන අතෘප්තිමත්

 

013 (2)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාත් අතර ඊයේ (06 වැනිදා) සවස පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැයකට ආසන්න කාලයක්‌ පැවැති සාකච්ඡා  පිළිබඳව සියයට සියයක්‌ තෘප්තිමත් විය නොහැකි බව මහින්ද ගේ පිළ කියා සිටී.

මන්ත්‍රී කුමාර වෙල්ගම හා ඩලස්‌ අලහප්පෙරුම මහත්වරුන් සඳහන් කර සිටියේ මෙම සාකච්ඡාවේදී තෘප්තිමත් නොවුණු කරුණු පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කර තීරණ ගැනීමට නියමිත බවයි. එසේම දෙපාර්ශ්වයේ නියෝජිතයන් මේ පිළිබඳව සතිපතා රැස්‌ව සාකච්ඡා වට කිහිපයක්‌ පැවැත්වීමට තීරණය කළ බවත් ඔවුහු පැවසූහ.

මීළඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකත්වය නම් කිරීම, පළාත් පාලන ආයතන විසුරුවා හැරීම, එජනිස ශක්‌තිමත් කිරීම ආදී කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණ නැති අතර එම කරුණු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යොමු කිරීමට තීරණය කර ඇත.

එසේම අපේක්‍ෂකයන් සඳහා නාම යෝජනා ලබා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණ අතර ඒ පිළිබඳවද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යොමු කිරීමට එකඟත්වය පළ වී තිබේ.

මධ්‍යම කාරක සභාවේ තීරණයන්ට අනුව පක්‍ෂයේ සියලු දෙනා විනයානුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී විශේෂ අවධානයට ලක්‌  කල බව අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටී.මෙම කරුණ මහින්ද පිළේ නොසතිටට හේතු වන්නට ඇත.

මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ දේශපාලන මැදිහත්වීම් වහාම නතර කිරීමටත් ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබේ.

සාකච්ඡා වලට පෙර ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් ගැන කතා බහ නොකරන බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.