මහින්ද පැන්නේ සජිත්ට බයේ- සන්නස්ගල

 

 

sannasgala

 

ගිය ජනාධිපධිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන් හැසිරෙන්නේ විකටයකු ලෙස බවත් ඒකාධිපතීන්ට පරාජය දරාගත නොහැකි බව ඊට හේතුව බවත්එජාප කොලඹ දිසා අපේක්‍ෂක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසයි.

රත්මලානේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේද පැවසීය.

‘ලක්ෂ 58ක් තියෙනවා කියා වහල උඩ, ජනෙල් උඩ නැගගෙන රාජපක්ෂ මහත්තයා විකටයෙකු වගේ හැසිරෙනවා. පැරදුණාම එහෙම විකටයෙක් වගේ හැසිරෙන්නේ නැහැ. එම තත්වය දකින්න ලැබෙන්නේ ඒකාධිපතියෙකුගේ විතරයි. ඒ නිසා මෙම මැතිවණයට ඔහු එන්නේ වියරු වැටිලයි. සජිත් පේ‍්‍රමදාස කියන පුංචි කොල්ලට බය වෙලා එයා හම්බන්තොට අතෑරලා කුරුණෑගලට ඇවිත්. හුගක් මහරජවරු ඉතිහාසයේත් පැනලා ගියේ පුංචි කොල්ලන්ට බය වෙලා. ඒකම තමයි අද මහින්දට වෙලා තියෙන්නේ’

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.