මහින්ද පිළ සටනට සුදානම්

 

 

013 (2)අගමැති අපේක්ෂක බලාපොරොත්තුව සුන්වීමත් සමගම එළඹෙන මැතිවරණයට සුදානම් වීම කඩිනම් කලයුතු බව මහින්ද රාජපක්ෂ පිල කල්පනා කරන බවක් පෙනෙන්ට තිබේ.

මූල්‍ය වංචා විමර්ශන ඒකකයේ කටයුතු නතර කිරීමට ඊයේ පැවැති සාකච්ඡාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පොරොන්දු වී නැති බවත්, ඊට දේශපාලන මැදිහත්වීම් පමණක් සිදුනොකිරීමට ඔහු එකඟ වී ඇති බවත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියේය.

මැතිවරණයට පෙර ජනතාවට ලබාදුන් දේශපාලන පොරොන්දුවක් අනූව වංචනිකයින්ට දඬුවම් කළ යුතු බවත්, එය සිදුකරන්නේ මූල්‍ය වංචා විමර්ශන ඒකකයෙන් ‍නොව උසාවියෙන් බවත්, අදාළ ඒකකයෙන් සිදුකරන්නේ පරීක්ෂණ පමණක් බවත්, හෙතෙම කීවේය.

කෙසේවුවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරමින් ඊයේ පැවති සාකච්ජාවට සහභාගී වූ ඩලස් අලහප්පරුම මන්තී‍්‍රවරයා, සාකච්ඡුාව නිමාවීමෙන් අනතුරුව කියා සිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැනි විවේචනයට භාජනය වූ ආයතන කිහිපයක් අවළංගු කිරීමට මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොරොන්දු වූ බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරමින් එම රැස්වීමට සහභාගී වූ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා, ඩලස් අලහප්පරුම මන්තී‍්‍රවරයාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේය.

මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැඩි ලෙස අසතුටට පත්වීම හේතුවෙන් වෙනමම තරඟ  කිරීමට ඇති උනන්දුව වැඩිවී ඇත.

 

කුරුණෑගල නගරයේ  රැස්වීම

හෙට කුරුණෑගල පවතින රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වෙනවාද නැද්ද යන්න පිළබඳව මාධ්‍යවේදියෙක් විමසූ විට ඔහු පැවසුවේ ‘ඇවිත් බලන්න’යනුවෙනි.

කුරුණෑගල නගරයේදී හෙට (08) පැවැත්වීමට නියමිත රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව මීට පෙර ගෙන ඇති තීරණයට යටත් විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ රාජිත සේනාරත්න කියා සිටී..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කල යුතු බවට බලකරමින්, විමල් විරවංශ, දිනේෂ් ගුණවර්ධන යන පක්ෂ නායකයින් විසින් එම රැස්වීම සංවිධානය කරයි.

ශ්‍රීලනිපය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඉදිරියේදී පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් සන්ධාන පක්ෂ සමඟ පැවැත්විය හැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානයට ලක්වූ බවයි.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කියා සිටියේ, අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වයක් ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සාම්ප්‍රදායිකව සිදුව නැති බවයි.

ශ්‍රීලනිපයේ පමණක් නොව එජාපයේ ද එවැනි සම්ප්‍රදායක් නැති බව හෙතෙම පැවසීය.

එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වයක් නම් කිරීම මැතිවරණයකදී සුදුසු නැති බවයි. මේ  පිළිබඳව වෙල්ගම මන්ත්‍රීවරයා පැවසුවේ “කවුරුත් කැමැත්තෙන් බලාගෙන ඉන්න අගමැති අපේක්ෂක කම ගැන. ද සාකච්ඡාවේදී ඒ ගැන අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් විසඳුමක් ලැබුනේ නැහැ,” ඔහු පැවසීය. මේ තත්වයන් හමුවේ මේ මස අගදී පාර්ලිමේන්තුව විසුරුවා හරීමටිද ඇති අතර එහිදී රාජපක්ෂ පාර්ශවයට වෙනමම තරඟ කිරීම හැර අන් විකල්පයක් ඉතිරි නොවනු ඇත.

හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

ජනපතිවරණ කාලේ බෙදීමට රුපියල් ලක්ෂ 52 ක සතොස බඩු ගෙන මුදල් නොගෙවීයැයි රිමාන්ඩ් කර සිටින හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (7) වැලිකඩ බන්ධනාගාරයට ගියේය.

යහපාලනයේ තවත් ප්‍රතිඵලයක් බැලීමට පැමිණි බවත් මෙය ණයක් අරගැනීම සම්බන්ධයෙන් වන සිවිල් නඩුවක් බවත් අපරාධයක් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී මාධ්‍යවේදීන් හමුවේ කීවේය.

[vsw id=”/q_aUJWt5Zrc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.