මහින්ද පෙරමුණ ඉක්මන්වේ

 

Sri-Lanka-election-001

 

 

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකඟ නොවීමත් සමග ශ්‍රිලනිපයේ හිටපු දූෂිත මැති ඇමතිවරුන් එක් කරගනිමින් නව දේශපාලන පෙරමුණක් ගොඩනැගීම සඳහා රහසිගත සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව ශ්‍රිලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ආණ්ඩුව රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වෙත එල්ල කොට තිබෙන චෝදනා සම්බ්න්ධයෙන් දැඩි පියවර ගන්නා බවක් දක්නට ලැබෙන හෙයින් ඉක්මන් පියවරක් ගත යුතුව තිබෙන බව තීරණය වී ඇත.

පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා සඳහා මෛත්‍රී පාර්ශවයෙන් එකඟතාවයක් පළ නොවීමත් සමග ඉතා ඉක්මනින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සූදානම් වේ. ඒ අනුව නැවත මහින්ද අගමැති කළ යුතු බවට රැස්වීම් පවත්වමින් යන ශ්‍රිලනිපයේ කණ්ඩායම හා බෝඩ් ලෑලිවලට පමණක් සීමා වී තිබෙන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් මෙම පෙරමුණ සෑදීමට මූලිකත්වය ගෙන තිබේ. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ කලකිරීමට ලක්වී සිටින කිහිප දෙනෙකු සමගද සාකච්ඡා පවත්වා ඇති බව අනාවරණය වේ.

බලයට ඇති අසීමිත ආශාවකින් පෙළෙන ජනතාව ප්‍රතික්ෂේප කරනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ පාලන සමයේ සිදු කරනු ලැබූ මහාපරිමාණ වංචා, දූෂණ හෙළිදරව් වීම වළක්වා ගැනීමට විවිධ කුමන්ත්‍රණයන් සිදු කරමින් සිටී. නැවත කෙසේ හෝ පාර්ලිමේන්තුවට රිංගා ගෙන ජාතිවාදය කණ්ඩායම් ඒකරාශී කරගෙන රට අස්ථාවර කිරීමේ උත්සාහයක නිරත වීමට ඔවුන් සූදානම් වේ.

අරලිය ගහ මන්දිරය කැලෑ උසාවියකි 

[vsw id=”/youtu.be/UiCFvlvn9nM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

rajas

 

 

බැසිල් සහ රිවිර

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ විසින් සිදුකර ඇති තවත් මුදල් වංචාවක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වී තිබේ.

අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීම වෙනුවෙන් පිහිට වූ දිවිනැගුම අරමුදල හරහා එකතු වූ මුදලින් රුපියල් කෝටි ගණනක මුදලක් බැසිල් රාජපක්ෂ විසින් රිවිර පුවත්පතේ නඩත්තුවට ලබා දී ඇති බවට වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත් වී තිබේ.

රිවිර පුවත්පතේ නිල හිමිකරු ලෙස පෙන්වාදුන් කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය මහතා මෙම මුදල් ලබා දීම ගැන හොදින්ම දැන සිටී පුද්ගලයා වන අතර ඔහු මේ වනවිට අත්අඩංගුවට පත්වේ යැයි බියෙන් විදෙස් රටකට පළාගොස් ඇති බවට වාර්තා වේ.

දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ මුදල් ලබා දීමේදී කැබිනට් අනුමැතිය ලබා ගත යුතු වුවත් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහාතා රජයේ නීති රෙගුලාසි ගණනකට නොගෙන කටයුතු කර ඇති බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.