මහින්ද බෝගම්බරට

 

jailmahinda

 

මේ යන විදියට අපේ කාලයෙන්  වැඩි හරියක් හිරගෙවල් වල සිටීමට සිදුවනු ඇතැයිද
මම දන්නා දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි පළිගැනීම් සිදුව නැතැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙය ජනතාව බලාපොරොත්තු වූ යහපාලනය නොව පළිගැනීමේ දේශපාලනය යැයි ඒ මහතා කියයි.

වසර දෙකහමාරක සිරදඬුවමක් නියමවී සිටින මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති මහින්ද අබේකෝන් මහතාගේ සුවදුක් බැලීමට අද මහනුවර බෝගම්බර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදින් අමතමින් ඔහු මේ බව පැවසීය.

තම පවුල සතුව ඩොලර් බිලියන 18ක වත්කමක් ඇතැයි කර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එවැනි මුදලක් තමන් සතුව ඇති නම් තමන්ට සලකනවා මදී යන උපහාසයෙනි.

බැසිල් මුදල් බෙදීම වරදක් වුවද, සජිත් ප්‍රේමදාස මුදල් බෙදීමේ වරදක් නැති බවද හෙතෙම පෙන්වාදුන්නේය.

මහින්දෝදය කියන්නේ මගේ නම නොවන නමුත් මගේ නම කියා හිතාගෙන එම බෝඩ් ගලවන බවද ඔහු පැවසීය.

 

[vsw id=”/tHnKpF2qy0I” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.