මහින්ද මැවූ කුණාටුවේ හැඩරුව

පැවති පුංචි ඡන්දය අදාළ ප්‍රදේශවල පුද්ගලයින් පිළිබඳ කාරණයකට වඩා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලනය පිළිබඳ තීන්දුවක් විය. මේ නිසා 2015 පැවති ජනාධිපතිවරණයේදී ලබා දුන් ජනතා තීන්දුව ගැන සැලකීම මෙහිදී ඉතාම වැදගත් වේ.

ඒඅනුව බලන කළ මහින්ද රාජපක්ෂ මහතා බරපතළ පරාජයක් ලබා ඇති අතර ඔහු වෙනුවෙන් ඡන්දය ලබා දීම ලක්ෂ දහයකින් අඩු වී ඇත. මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව රාජපක්‍ෂ මහතා බාහිර පුද්ගලයෙකු ලෙස සහයෝගය ලබාදුන් පක්ෂයට ලැබී ඇති මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ හතලිස් නවකට මදක් වැඩිවන අතර, මැතිවරණයේදී අනෙකුත් පක්ෂ සියල්ලම ලබා ගත් මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ හැට එකකට වැඩි ප්‍රමාණයකි.

කෙසේ නමුත් 2015 දී පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් මුළු ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ පනස් අටකට ආසන්න වූ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී ලබාගත් ඡන්ද ප්‍රමාණය ලක්ෂ හැටදෙකක් විය.

මෙම මූලික කාරණය කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. එසේම, ආණ්ඩුවේ ඉදිරි වසර දෙක සඳහා මෙහි ඇති මූලික කාරණය මෙන්ම, දේශපාලන පක්‍ෂ තනි තනිව තරග කිරීම හමුවේ, රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබුණු දේශපාලන පක්‍ෂය විසින් ආණ්ඩුවට ලබා දී ඇති සංඥාව තේරුම් ගැනීම ඉතාම වැදගත් වේ.

අදාළ ප්‍රතිඵලයේ ඇති සැබෑ ගණිතය තේරුම් නොගෙන, කටයුතු කිරීමට ගියහොත්, රාජපක්ෂ මහතා විසින් කපන වලේ නොවැටීම වැළක්විය නොහැකිය. රාජපක්ෂ මහතාගේ දේශපාලන ජයග්‍රහණය රඳා පවතින මූලික සාධක තේරුම් ගත යුත්තේ මෙතැනදීය.

පළමුවැන්න, සිංහල බහුතරයක ඡන්ද බලය විසින් ආණ්ඩු බලය අල්ලා ගැනීමේ එකම ක්‍රමය අනෙකුත් පක්ෂ වෙන වෙනම තරග කිරීමට අවශ්‍යය දේශපාලන අසමගිය ඇති කිරීම.

දෙවැන්න, වත්මන් ආණ්ඩුව ජාතික වශයෙන් වැදගත් වන කිසිඳු දේශපාලන වැඩපිළිවෙලකට ගමන් කිරීම ඇති ඉඩ අහුරුවා ලීම.

තුන්වැන්න, ප්‍රාදේශීය දේශපාලන සභා සහ ආයතන හැකිතරම් ආණ්ඩුවේ වගකීම වලින් නිදහස් වීම සඳහා අවශ්‍යය පරිසරය නිර්මාණය කොට, ප්‍රාදේශීය ව්‍යාපෘති සියල්ලම පාහේ පරළු කිරීම.

සිව්වැන්න, ආණ්ඩුවේ ප්‍රචාරණ සහ සන්නිවේදන උපායන් දුර්වල කිරීම සහ හාස්‍යයට ලක් කිරීම

පස්වැන්න; රාජපක්ෂ මහතා වටා සිටින සියලුම දේශපාලනඥයින්ට එරෙහි චෝදනා සඳහා නීතියානුකූලව පියවර ගැනීම, කුමන හෝ මාර්ගයකින් අවහිර කිරීම.

මෙවර මැතිවරණයෙන් පසු රටේ දේශපාලනය නව මුහුණුවරක් ගෙන ඇති අතර; ආණ්ඩුවට තම අසමත්කම් සකස් කරගෙන ජනතාව අතරට යෑම සඳහා ඉඩක් ලබා දී ඇත. එසේම, රාජපක්ෂ මහතා ප්‍රමුඛ දේශපාලන බලවේගයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය අල්ලා ගැනීමට අවශ්‍යය දේශපාලන කුණාටුවක් ( කුමන්ත්‍රණයක්) නිර්මාණය කිරීමේ පරිසරය සකස් වී ඇත. මෙය රාජපක්ෂ මහතා 2015 සිටම සැලසුම් කළ මෙහෙයුමක ප්‍රතිඵලයකි.

ලංකා ගාඩියන්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.